News Line| Off Air
Generic placeholder image

Jul
4

විවාහ උත්සවය අතරේ ගැහුව අකුණක් නිසා මනමාලිය මනමාලයාව එපා කියයි.

733 Views


විවාහ උත්සවය අතරේ ගැහුව අකුණක් නිසා මනමාලිය මනමාලයාව එපා කියයි.

විවාහය කියන්නේ දෙන්නෙක්ගේ ජීවිතයේ අලුත් ආරම්භයක්. ගොඩක් වෙලාවට හොඳය දැන අඳුන ගත්තාට පස්සේ තමයි දෙන්නෙක් විවාහ වෙන්නේ. හැබැයි ඉතින් විවාහ උත්සවය දවසෙම මඟුල කැඩුන අවස්ථාත් නැතුව නෙවෙයි.

ඉන්දියාවේ විවාහයකුත් අකුණක් නිසා නැවතුන පුවතක් වාර්තා වෙනවා. මංගල උත්සවයක් අතර තුර ඇද හැළුණු වර්ෂාවත් එක්ක අකුණු ගහලා තියෙනවා. උත්සවයක් අතරතුර ගැසූ අකුණට බියට වුන මනමාලයා ගැහෙන්නට පටන් අරං.

බය වෙලා ගැහෙන මනමාලයා දැක්ක මනමාලිය බියගුලු පුද්ගලයෙක් එක්ක විවාහ වෙන්න බෑ කියලා. හැබැයි ඒ වෙද්දීත් විවාහයේ චාරිත්‍ර රැසක් කරලා අවසන් වෙලා. මේ නිසා විවාහය නවත්වන්න බෑ කියලා මනමාලයාගේ පාර්ශවය විරෝධය දක්වලා තියෙනවා.

එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන තියෙනවා. ගැටුම සමතයකට පත් කිරීමට පොලිසියට මැදිහත් වෙන්නත් වෙලා. මනාලියගේ ඥාතීන් තිදෙනෙක් පොලිස් අත්අඩංගුවටද පත් වෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post