News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින්ට පිලිපීන ක්‍රීඩකයින් දෙනෝදාහක් මැද එලව එලවා පහර දෙයි. – Photo / Video

1849 Views


ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින්ට පිලිපීන ක්‍රීඩකයින් දෙනෝදාහක් මැද එලව එලවා පහර දෙයි. – Photo / Video

ක්‍රීඩාව කියන්නේ පුද්ගලයෙකුගේ පෞර්ෂත්වය, ඉවසීම, නායකත්වය වගේ ගුණාංග රැසක් වැඩි දියුණු කර ගන්න පුළුවන් දෙයක්. ක්‍රීඩාවේදී ජයග්‍රහණය වගේම පරාජයත් සමව විඳ ගන්න කියලා තමයි උගන්වන්නේ.

හැබැයි ක්‍රීඩාවට කිසිසේත්ම නොගැළපෙන දෙයක් ජාත්‍යන්තර පැසිපන්දු තරඟයක් අතර දී සිද්ධ වුණා. ඕස්ට්‍රේලියාව සහ පිලිපීනය අතර තිබ්බ මේ තරඟයේදී දෙපිලේ ක්‍රීඩකයින් අතර දරුණු ගැටුමක් ඇති වුණා. පිලිපීන ක්‍රීඩකයින් ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින්ට එලව එලවා පහර දුන්නා.

මේ තරඟය පැසිපන්දු ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමේ තරඟයක්. මේ ගැටුම ගැන ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරලා තියෙනවා. ගැටුමට සම්බන්ධ ක්‍රීඩකයින් 13 දෙනෙක් තරඟයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ අතර ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 4 දෙනෙක් සහ පිලිපීනයේ ක්‍රීඩකයින් 9 දෙනෙක් ඉන්නවා.

මේ තියෙන්නේ ගැටුම ඇති වුන අවස්ථාවේ Video.


News Articles
Latest Videos
Most Popular Post