අද ලග්න 2 කට හදිසි අනතුරු ඇතිවෙන්න පුළුවන් දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
844 Views
අද 2018 ජුලි මස 05 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.48 සිට 03.22 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.41 සිට 03.07 දක්වා
සුභ දිශාව: උතුර
මේෂ ලග්නය

මුදල් භාවිතයේදී .වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඔබේ කායික ශක්තිය මනාව පවතින දිනයකි. එමෙන්ම ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. නමුත් ඉවසිලිවන්ත වන්න. කලට වෙලාවට ආහාර ගත යුතු දිනයකි. නිසි තීරණ මත සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. වගකීමෙන් යුතුව වැඩ කටයුතු කළහැකි දිනයකි. ඔබට වඩා උසස් අයගේ ඇසුර ලැබෙන දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 03
වෘෂභ ලග්නය

අලුතින් දෙයක් මිලදී ගැනීමට වදටැහැ යෝග්‍ය දිනයකි. අන් අයගේ වැඩි අවදානයක් ලැබෙන දිනයකි. කතා විලාසය වෙනදට වඩා වෙනස්වන දිනයක් වන අතර කතාව නිසාම අන් අයගේ ආකර්ෂණය ලැබෙන දිනයකි. අන් අය අතර විතක්ෂනශීලිව කටයුතු කළහැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය ජය අංකය: 02
මිථුන ලග්නය

ප්‍රකාශන ශක්තිය වදටැහැ තීව්‍ර දිනයකි. යමක් වටහාගැනීමේ ශක්තිය ඉතා ඉහල දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු දියුණු වන දිනයකි. නව නිර්මාණ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. එමෙන්ම නමුත් විමසිල්ලෙන් යුතුව කටයුතු කරන දිනයකි. අන් අය අතර කැපී පෙනෙන දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 02
කටක ලග්නය

ඔබේ ජීවිතය වඩාත් දිනයකි. රාජකාරි හා ස්වයං ව්‍යාපාර කටයුතු සාර්ථක දිනයකි. මංගල යෝග උදාවී ඇති දිනයකි. නමුත් කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න. අතපසු වුනු සියලුම වැඩ කටයුතු මනා විශ්වාසයකින් යුතුව නැවත ආරම්භ කිරීමට යෝග්‍ය දිනයකි. කාය ශක්තිය ඉතා ඉහල දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 09
සිංහ ලග්නය

හදිසි අනතුරු වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඕනෑම දෙයක් සත්‍යවාදීව ඉටුකරන දිනයකි. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. එමෙන්ම පාලනයකින් යුතුව කටයුතු කරන්නට සිතට ගන්න.උනන්දුවෙන් වැඩ කරන්න. අතිරේක ආදායම් මාර්ග ඇතිවන දිනයකි. අන් අය සමඟ සුහදව කටයුතු කළහැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 08
කන්‍යා ලග්නය

ක්‍රීඩාවට වඩාත් දස්කම් පෙන්වන දිනයක් වන අතර ගමන් බිමන් වැඩියෙන් යෙදෙන දිනයකි. තම රැකියාවේ වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. ආදායම් තත්වයද සුභ වන දිනයකි. ඔබට අන් අයගෙන් වැඩි ආදරයක් ලබෙමනා දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු සම්පාදනය කරගන්න. රැකියා කටයුතු වල උසස්වීම් අපේක්ෂා කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 07
තුලා ලග්නය

ඔබේ සෞඛ්‍ය වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. වාණිජ කටයුතු වලට හා මහා පරිමාන ව්‍යාපාර වලට අවස්ථාව ලැබෙන දිනයකි. අන් අයට ප්‍රසන්නව කටයුතු කරන දිනයකි. අන් අයට වඩාත් ප්‍රිය උපදවන ආකාරයෙන් කටයුතු කරන දිනයකි. කණ්ඩායම් වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. දේපළ හිමිකාරිත්වය දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 06
වෘශ්චික ලග්නය

ඔබේ පෙනුම නිසාම අන් අය අතර වැඩි ආකර්ෂණයක් ලැබෙන දිනයකි. තර්ක විතර්ක වලින් ඈත්ව සිටීම යහපත් වන දිනයකි. ඔබේ ඉතා ඉහල දිනයකි. අන් අයව වඩාත් හොදින් තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. අවංකව තම කටයුතු කරගෙන යන්න. නිසි සැලසුම් මත දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 05
ධනු ලග්නය

ඔබේ මානසික තත්වය අද දින ඉතාම ඉහල මට්ටමක පවතින දිනයකි. එමෙන්ම අන් අය පාලනයට අවශ්‍ය ශක්තිය පවතින දිනයකි. මනා ජීවිතයකට අවශ්‍ය දේවල් සැලසෙන දිනයකි. විවාහ යෝජනා ඇතිවන දිනයකි. එමෙන්ම අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැනද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබේ නායකත්ව ගුණාංග ඉස්මතු වන දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 05
මකර ලග්නය

තමන්ගේ පාඩුවේ කටයුතු කරන දිනයකි. වගකීමෙන් යුතුව වැඩ කටයුතු කිරීමට ප්‍රිය කරන දිනයකි. එමෙන්ම නව ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. සරලව කටයුතු කිරීමට ප්‍රිය කරන දිනයකි. අලුතින් යමක් මිලදී ගැනීමටද වඩාත් යෝග්‍ය දිනයකි. ඔබේ සිත ශක්තිමත් කරගන්න. කෞතුක භාණ්ඩ ලැබෙන දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

අධ්‍යාත්මික ශක්තිය වඩාත් ඉහල දිනයකි. ඔබට අනතුරු ඇතිවිය හැකි දිනයක් වන බැවින් ඔබ වඩාත් කල්පනාවෙන් හා ප්‍රවේසමෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වැඩ කරන්න. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. අලුතින් යමක් ඉගෙනගැනීමට වෙහෙසෙන දිනයකි. ආගමානුකුලව දිනය ගත කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02
මීන ලග්නය

අන් අයට උසස් ලෙස සැලකුම් හා පැසසුම් දෙන දිනයකි. දුර සිට එන අමුත්තන් පිළිගැනීමට සිදුවන දිනයකි. ඔබේ අදහස් උදහස් වල දියුණුවක් ඇතිවන දිනයකි. අන් අයව මනාව තේරුම් ගත හැකි දිනයකි. සමාජ සේවා කටයුතු වලටද සුභ දිනයකි. ඔබේ වැඩ කටයුතු අනිවාර්යයෙන්ම ඔබ සාර්ථක කරගන්න දිනයකි. එමෙන්ම ඔබේ සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වන්න. කල්පනාවෙන් යුතුව කටයුතු සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා ගුරු පැහැය ජය අංකය: 01
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829