News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

කොදෙව්වන් බංගලියන්ට අමතක නොවන පාඩමක් උගන්වයි. – Photo

1333 Views


කොදෙව්වන් බංගලියන්ට අමතක නොවන පාඩමක් උගන්වයි. – Photo

කොදෙව්වන් සහ බංගලාදේශය අතර පැවැත් වෙන ටෙස්ට් තරඟයේදී බංගලියන්ට කාලෙකට අමතක නොවන පාඩමක් ඉගැන්වුවා. ඒ බංගලාදේශ පළවෙනි ඉනිම ලකුණු 43 කට සීමා කරලා. ටෙස්ට් ඉනිමකදී බංගලාදේශය ලබා ගත්ත අඩුම ලකුණු සංඛ්‍යාව විදියට එය වාර්තා අතරට ගියා.

කාසියේ වාසිය දිනා ගත්ත කොදෙව්වන් මුලින්ම ලකුණු රැස් කරන්න බංගලාදේශයට ආරාධනා කරා. බංගලාදේශ පිතිකරුවන් 4 දෙනෙක් ලකුණු නොලබා ක්‍රීඩාගාරයට ගියා. බංගලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු වාර්තා කල ලිටොන් දාස් ලකුණු 25 යි.

සුපිරි පන්දු යැවීමක නිරත වුන රෝච් පන්දුවාර 5 කදී ලකුණු 8 කට කඩුලු 5 ක් දවා ගත්තා. කමින්ස් පන්දුවාර 4 කදී ලකුණු 11 ට කඩුලු 3 ක් දවා ගත්තා. හෝල්ඩර් කඩුලු 2 යි.

පළවෙනි දවසට තරඟය නවත්වද්දී කොදෙව්වන් කඩුලු 2 ක් දැවී ලකුණු 201 ක් ලබා ගෙන හිටියා. ස්මිත් ලකුණු 58 යි. පොවෙල් ලකුණු 48 කට දැවී ගියා. බ්‍රාත්වෙයිට් නොදැවී ලකුණු 88 යි.


News Articles
Latest Videos
Most Popular Post