News Line| Off Air
Generic placeholder image

Jul
5

රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඇමෙරිකානු ජනපති දියණියගේ කකුල අත ගාපු විකට නළුවට සිද්ධ වුනූ දේ.

1819 Views


රූපවාහිනී වැඩසටහනක් අතරතුර ඇමෙරිකානු ජනපති දියණියගේ කකුල අත ගාපු විකට නළුවට සිද්ධ වුනූ දේ.

විහිලු කරන්න ඕන ඉන්න තැන වගේම විහිලුව කරන කෙනා ගැනත් හොඳට හිතලා බලන්න ඕන. නැත්නම් ඒ විහිලුව නිසා අස් රතු වෙන්න පුළුවන්. ඒ වගේමයි වැරදි පුද්ගලයින්ට විහිලු කරලා අමාරුවේ වැටෙන්නත් පුළුවන්.

ජනාධිපති දියණියගේ කකුල අතගාන්න ගිය විකට නළුවෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ ජනාධිපති දියණිය වෙන කවුරුවත් නෙවෙයි ලෝක බලවතා වුන ඇමෙරිකාවේ ජනපති ඩොනල් ට්‍රම්ප්ගේ දුව. ඉවන්කා ට්‍රම්ප්. රූපවාහිනී වැඩසටහනකදී Andy Dick කියන විකට නළුවා තමයි මේ කැත වැඩේ කරන්නේ.

ඉවන්කා ට්‍රම්ප් සහ Andy Dick තමයි මේ වැඩසටහනේ ආරාධිතයන් විදියට ඇවිල්ලා තියෙන්නේ. ඉවන්කා වැඩසටහනට ආවාම Andy Dick ඇයට උණුසුම් හාදුවක් දෙන්න ඕන කියනවා. ඒත් එක්කම ඔහු ඉවන්කාගේ කකුල අතගානවා. වැඩසටහන මෙහෙයවන නිවේදකයා ඇවිත් Andy Dick ව ඉවන්කගෙන් ඈත් කරනවා.

හැබැයි විනාඩියක් යන්නත් කලින් ආයෙත් Andy Dick ඉවන්කගේ අත අතගානවා. මේ වෙලාවේ ආරක්ෂකයින් ඇවිල්ලා Andy Dick ව උස්සගෙන යනවා. කොහොම වුනත් මේ සිදුවීම සිද්ධ වෙලා තියෙන්නේ 2007 දී. හැබැයි මේ සිද්ධිය වසන් කරලා තියන්න මාධ්‍ය ආයතනය කටයුතු කරලා තියෙනවා. ඒ වුනත් අවුරුදු 11 කට පස්සේ මේ Video එක අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා.

මේ වගේ කැත වැඩ කිහිපයක්ම කරලා Andy Dick කිහිප වතාවක්ම හිරේ ගිහිල්ලත් තියෙනවා.

https://youtu.be/Zgiah7cn6I8


News Articles
Latest Videos
Most Popular Post