News Line| Off Air
Generic placeholder image

Jul
5

අධික උෂ්ණත්වය නිසා කැනඩාවේ 12 ක් මිය යයි.

774 Views


අධික උෂ්ණත්වය නිසා කැනඩාවේ 12 ක් මිය යයි.

අධික උෂ්ණත්වය වගේම අධික සීතලත් මිනිසුන්ට දරා ගන්න බෑ. වැස්ස කාලෙට වැස්සට බැන බැන හිටියට පායන්න ගත්තම තමයි මිනිස්සුන්ට වැස්සේ අගය දැනෙන්නේ.

කැනඩාවේ කියුබෙක් ප්‍රදේශයට බලපා ඇති අධික උෂ්ණත්වය නිසා 12 දෙනෙක් මිය ගිහින් තියෙනවා. කියුබෙක් ප්‍රදේශයේ මොන්ට්‍රියෙල් ගම්මානයට තමයි වැඩිම බලපෑම් එල්ල වෙලා තියෙන්නේ.

එම ප්‍රදේශයට අනතුරු ඇගවීම් ද මීට පෙර නිකුත් කරලා තියෙනවා. මේ වෙද්දී මොන්ට්‍රියෙල් ගම්මානයට සෙල්සියස් අංශක 34 ක උෂ්ණත්වයක් පවතිනවා කියලා වාර්තා වෙනවා. හැබැයි ඒ තත්ත්වය සිකුරාදා වෙද්දී සෙල්සියස් අංශක 24 දක්වා පහළ යයි කියලා බලාපොරොත්තු වෙනවා.

දැනට පවතින දැඩි උණුසුම් සහිත දේශගුණය ඉදිරියටත් පැවතිය හැකි බව එරට කාලගුණ අංශ පවසන්නේ. ඒ වගේම පවතින අධික උෂ්ණත්වය සම්බන්ධයෙන් එරට හදිසි ඇමතුම් සේවාව සදහා දිනකට දුරකථන ඇමතුම් 1,200ක් පමණ ලැබෙනවා කියලා වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post