News Line| Off Air
Generic placeholder image

Jul
6

අද එක ලග්නයකට සතුරන්, මිතුරන් වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1119 Views


අද එක ලග්නයකට සතුරන්, මිතුරන් වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018  ජුනි මස 06 වන සිකුරාදා 
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.41 සිට දහවල් 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට අලුයම 12.15 දක්වා 
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: ගිනිකොණ  

මේෂ ලග්නය

මිතුරන් අතරේ කටයුතු කරන දිනයක් වන අතර මිතුරන්ට ඔබේ උදව් අවැසි වන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් සුභ දිනයකි. හවුලේ කරන කටයුතු වලින් සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. ඔබ සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                    ජය අංකය: 09

වෘෂභ ලග්නය

ඔබ තුල යම් අභිමානයක් ජනිත වන දිනයකි. නමුත් තරමක කාර්යබහුලතාවයක් පවතින දිනයකි. සමාජ සේවා ආදී කටයුතු වලටද වඩාත් යෝග්‍ය වන අතර  පොදු වැඩ කටයුතු කරන කෙනෙක් නම් ඔබට වඩාත් සුභ දිනයකි. ක්‍රියාශීලීව උත්සාහවන්තව කටයුතු කරන දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                ජය අංකය: 07

මිථුන ලග්නය

අනවශ්‍ය වියදම් පාලනය කරගත යුතු දිනයකි. වියදම ඉහල යන දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී මෙන්ම මුදල් සම්බන්ධ කටයුතු වලින්ද වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මහන්සියෙන් යුතුව උනන්දුවෙන් කටයුතු කරන්න. ඔබේ සෞඛ්‍ය ගැන වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. . කලා කටයුතු වලටද සුභ දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                                                    ජය අංකය: 07

කටක ලග්නය

සාර්ථක දිනයකි. ඔබ කරන කියන කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලබාගත හැකි දිනයකි.අන් අය අතරේද ප්‍රවේසමෙන් කටයුතු කරන්න. ඔබේ සිතෙහි ශක්තියෙන් බොහෝ දේවල් දිනාගන්නා දිනයකි. නමුත් ඉවසිලිවන්තව වැඩ කළයුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                           ජය අංකය: 03

සිංහ ලග්නය

වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. ඔබේ රැකියා හා ව්‍යාපාර සාර්ථක වන දිනයකි. ගමන් බිමන් වලදී නම් ප්‍රවේසම් විය යුතු දිනයකි. තරමක බාධාකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. එබැවින් වඩාත් ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. ඔබ ඔබේ වැඩ කටයුතු සියල්ල හොදින් සිතා බලා කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය                                          ජය අංකය: 09

කන්‍යා ලග්නය

සන්නිවේදන කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. කල්පනාවෙන් යුතුව වැඩ කටයුතු සම්පාදනය කරගන්න.තම මිතුරන් අතරද ප්‍රවේසම් විය යුතු දිනයකි.  වියදම් වලදී නම් කල්පනාකාරී විය යුතු දිනයකි. හොදින් සිතා බලා කටයුතු කරන්න. කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම ඔබට වඩාත් වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                                       ජය අංකය: 08

 

තුලා ලග්නය

වෘත්තිමය කටයුතු වලට වෙනදට වඩා වැඩි උනන්දුවක් දක්වන දිනයකි. ඔබේ වටිනාකම තේරුම් ගෙන කටයුතු කළයුතු දිනයකි.  රැකියා හා හවුල් ව්‍යාපාර කටයුතු වලින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයක් වන නමුත් නිසි සැලසුම් සහිතව කටයුතු කළයුතු දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය                                      ජය අංකය: 06

වෘශ්චික ලග්නය

 

කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයකි. ඔබට අතපසුව තිබු කටයුතු නැවත ආරම්භ කිරීමටද සුභ දිනයකි. එවැනි කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. ඔබේ පෞරුෂය මෙන්ම සමාජ තත්වය වෙනදට වඩා උසස් වන දිනයකි. ආර්ථික තත්වය තර කරගැනීමට ඔබ වෙහෙසෙන දිනයකි. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                             ජය අංකය: 09

ධනු ලග්නය

බාධා හා පීඩාකාරී තත්වයන් උද්ගත විය හැකි දිනයකි. ඔබේ වැඩ කටයුතු සියල්ල වගකීමෙන් යුතුව නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වෙනදට වඩාත් සැලකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                  ජය අංකය: 09

මකර ලග්නය

හවුලේ කරන වැඩ කටයුතු වලින් වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. ඔබේ වැඩ කටයුතු වලට වාසනාවන්ත දිනයක් උදා වී ඇත. ඔබේ වාසනා ශක්තිය ඉතාම ඉහල දිනයකි. ඔබ කරන පුංචි දෙයක් වුවද ඔබට වැඩි වටිනාකමක් ලබාදෙන දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී නම් ඔබ ප්‍රවේසම් විය යුතුයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය                                 ජය අංකය: 09

කුම්භ ලග්නය

සතුරු කරදර පීඩා අවම වන දිනයකි. සතුරන් මිතුරන් වන දිනයකි. කල්පනාවෙන් වැඩ කරන්න. වෙළදාම් කටයුතු වලටද යෝග්‍ය දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ඔබ ගන්නා තීන්දු තීරණ වලට අන් අයගේ නොමද සහය ලැබෙන දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් කොළ පැහැය                                                ජය අංකය: 09

 

මීන ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වල වැඩි දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. ඔබේ කැපවීමට නිසි වටිනාකමක් ලැබෙන දිනයකි. තම ආදායම් මාර්ග වර්ධනය කරගැනීමට වෙහෙසෙන දිනයකි. නමුත් විවධ බාධා ඇතිවිය හැකි දිනයකි. නමුත් සිතෙහි සතුට තුල ඕනෑම කටයුත්තක් ඔබ සාර්ථක කරගන්න දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. අන් අය වෙනුවෙන් ඔබ මහන්සි වන දිනයකි. කායික හා මානසික තත්වය ඉතාම යහපත් මට්ටමක පවතින දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය                                           ජය අංකය: 06
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353
 


News Articles
Latest Videos
Most Popular Post