News Line| Off Air
Generic placeholder image

Jul
6

රුවන්වැලි මහා සෑයේ පැවැත්වෙන මහා පිච්ච මල් පූජාව හෙට.

2338 Views


රුවන්වැලි මහා සෑයේ පැවැත්වෙන මහා පිච්ච මල් පූජාව හෙට.

ශාන්ති පදනම විසින් 29 වන වරටත් සංවිධානය කරන මහා පිච්ච මල් පූජාව හෙට අනුරාධපුර රුවන්වැලි සෑ පුද බිමේදී පැවැත්වෙනවා. ඒ සදහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් කරලා අවසන්.

පිච්ච මල් පූජාවට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කරලා තියෙනවා. පැමිණෙන බැතිමතුන් නිර්මාංශව සුදු වතින් සැරසී එන්න කියලා ශාන්ති පදනම දැනුම් දෙනවා.

ළමයි රැගෙන එනවා නම් ඔවුන්ගේ ඇදුමේ ඉහල සාක්කුවට වැඩිහිටියකුගේ දුරකථන අංකය ලියා දමන්න කියලත් දැනුම් දෙනවා. අනුරාධපුරයේ අනාරක්ෂිත තැන්වලින් ස්නානය කරන්න එපා කියලා විශේෂයෙන්ම මතක් කරන්න ඕන.

තවත් වැදගත්ම දෙයක් තමයි පොලිතින් රැගෙන නොඑන එක. ඒ වගේම අපද්‍රව්‍ය තැන තැන නොදමන ලෙසත් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. පිච්ච මල් පූජාවට පැමිණෙන අයගේ පහසුව සදහා විශේෂ දුම්රිය සහ බස් සේවාවන් ක‍්‍රියාත්මකයි.

මේ මහා පිංකම සඳහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ සියත FM සහ සියත TV.


News Articles
Latest Videos
Most Popular Post