News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
7

අනුරපුර රුවන්වැලි සෑ පිච්චමල් පූජාවට සියල්ල සූදානම්. – Photo

4160 Views


අනුරපුර රුවන්වැලි සෑ පිච්චමල් පූජාවට සියල්ල සූදානම්. – Photo

අනුරපුර පිං මහිමයෙන් උතුරා යන රුවන්වැලි සෑ මහා පිච්ච මල් පූජාව අද පැවැත් වෙනවා. ශාන්ති පදනම 29 වෙනි වරට තමයි මේ මහා පිංකම සංවිධානය කරන්නේ. ඒ සඳහා මේ වෙද්දීත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. අති විශාල බැතිමතුන් පිරිසක් මේ වෙද්දීත් රුවන්වැලි මහා සෑ පුදබිමට පැමිණෙමින් ඉන්නවා.

ශාන්ති පදනමේ නිර්මාතෘ පූජ්‍ය කොටපොල අමරකිත්ති හිමියන් කියා සිටියේ ඒ සදහා සහභාගී වන බැතිමතුන් නිර්මාංශව සුදු වතින් සැරසී එන්න කියලා. ළමුන් රැගෙන පැමිණෙනවා නම් ඔවුන්ගේ ඇදුමේ ඉහල සාක්කුවට වැඩිහිටියකුගේ දුරකථන අංකය ලියා දමන්න කියලත් උන්වහන්සේ දැනුම් දී සිටියා. මහා පිච්ච මල් පූජාව පැවැත්වෙන භූමියේ හදිසි අවස්ථාවකදී ‍ප්‍රථමාධාර ලබා ගැනීමට දේශීය හා බටහිර වෛද්‍ය කදවුරු 2 ක් ස්ථාපිත කරලා තිබෙනවා.

රට වටෙන්ම එන බැතිමතුන්ගේ පහසුවට විශේෂ දුම්රිය සේවා රැසක්ම ක්‍රියාත්මක කරලා තියෙනවා. මෙවර අනුරාධපුර මහා පිච්ච මල් පූජාව සදහා නිල මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙන්නේ සියත එෆ් එම් සහ සියත ටීවී නාලිකාවයි.

මේ අතර ජනාධිපතිතුමාට මෙරට ආරක්ෂක අංශ වලට සහ සමස්ථ රටවැසියාට ආශිර්වාද පතා පැවැත්වෙන ජාතික ආශිර්වාද පින්කම අද අලූයම 5 ට ආරම්භ වුනා. ඒ අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝ සමිදුන් අබියසදී. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මේ වන විටත් එම පිංකම පැවැත්වෙනවා.

මේ තියෙන්නේ මහා පිච්ච මල් පූජාවට ඊයේ රාත්‍රියේ ඉඳන් සූදානම් වුන ආකාරය.


News Articles
Latest Videos
Most Popular Post