ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් බොහෝ පිරවුම් හල් වල මේ වන විට ඉන්ධන යලි පැරණි මිලටම අලවි වෙමින් පවතින බව වාර්තා වෙනවා. සියත වාර්තාකරුවන් ඊයේ රාත‍්‍රියේ සිට දිවයින පුරා සිදු කල සංචාරයකදී ඒ බව තහවුරු වුනා.
එම ඉන්ධන හල් පිරවුම්හල් වල හිමිකරුවන් කිව්වේ ඊයේ ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව මගින් නිකුත් කල චක‍්‍ර ලේඛයට අනුව පරණ මිලටම ඉන්ධන අලවි කරනවා කියලා. කොහොම වුනත් IOC සමාගමට අයිති පිරවුම් හල් වල නම් වැඩි කරපු මිලටම ඉන්ධන අලවි කරනවා කියලා අපගේ වාර්තාකරුවන් සදහන් කලේ.
ඉන්ධන පැවති මිල ගණන් යටතේම දෙන්න කියලා ලංකා ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් හිමියන්ට චක‍්‍ර ලේඛයක් නිකුත් කරා. හැබැයි ඊයේ පස්වරුවේ මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ ඉන්ධන අලවියේ නිරත ආයතන වලට සංශෝධිත මිල ආශ‍්‍රිතව තම ඉන්ධන මිල වෙනස් කරන්න පුළුවන් කියලා.
ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන අලවි කිරීමේ මිල සම්බන්ධයෙන් මීලග අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නවා කියලා එම අමාත්‍යංශය ප‍්‍රකාශ කලා.