News Line| Off Air| Games
Generic placeholder image

Jul
9

විජයකලාට සහය පළකරමින් යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්…

415 Views


විජයකලාට සහය පළකරමින් යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්…

පෞද්ගලික ලාභ අපේක්‌ෂාවෙන් තොරව දෙමළ ජනතාවගේ අභිලාෂයන් හා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි එකම දේශපාලන නායිකාව විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය බව කියමින් යාපනය පුරා පෝස්‌ටර් අලවලා තියෙනවා.

යාපනයේ අලවා තියෙන අදාළ පෝස්‌ටරයේ “ස්‌වයංලාභ නොමැති දේශපාලනය” යනුවෙන් තද කළු අකුරින් මාතෘකාවක් කියල තියෙනවා. ඊට පහළින් ලියා තිබුණේ “දෙමළ ජනතාවගේ නිදහස වෙනුවෙන් එදා ටී. මහේෂ්වරන් දිවි පිදුවා අද දෙමළ ජනතාවගේ නායිකාව වූ විජයකලා තමන්ගේ පදවිය පූජාකළා කවදත් අපි ඔබ සමගයි දෙමළ කතා කරන ජනතාව” කියලයි.

තවත් පෝස්‌ටරයක සඳහන් කරලා තියෙන්නේ “දෙමළ ජනතාවගේ විමුක්‌තිකාමියා වූ ප්‍රභාකරන් වෙනුවෙන් කතා කළ විජයකලා ඇමැතිවරියට ඇමැති පදවිය අහෝසි වුවත් සියලු දෙමළ ජනතාව ඇය සමගයි” කියලයි.

අදාළ පෝස්‌ටරයේ සංවිධායකයන් වශයෙන් හඳුන්වල දීල තියෙන්නේ දෙමළ කතා කරන ජනතාව කියලයි. යාපනය බස්‌ නැවතුම්පළ ආසන්නයේ සහ අතුරු මාර්ග කිහිපයක මෙම පෝස්‌ටරය අලවල තියෙනවා කියලයි තොරතුරු වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post