News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

ගුහාවේ සිරවී සිටින ළමයින්ට FIFA ලෝක කුසලානයෙන් ලොකු තෑග්ගක්. – Photo

1465 Views


ගුහාවේ සිරවී සිටින ළමයින්ට FIFA ලෝක කුසලානයෙන් ලොකු තෑග්ගක්. – Photo

පාපන්දු ලෝක කුසලානයෙන් පස්සේ ලෝකයේ වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන්නේ තායිලන්තයේ ගුහාවක හිර වෙලා ඉන්න ළමයින් දිහා. මේ වෙද්දී ලෝකයේ ඉන්න අති දක්ෂම කිමිඳුම්කරුවන් රැසක් ඔවුන්ව බේරා ගැනීමේ මෙහෙයුමට එකතු වෙලා ඉන්නවා.

මේ වෙද්දී ගුහාවේ සිරවෙලා ඉන්න ළමයි 4 දෙනෙක් ගුහාවෙන් එළියට අරගෙන එන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම පහුගිය දා රුසියාවේ මොස්කව් නුවර විශේෂ දේව මෙහෙයකුත් ඔවුන් වෙනුවෙන් පැවැත් වුණා. රුසියාවේ පාපන්දු කණ්ඩායමත් මේ දේව මෙහෙයට සහභාගී වෙලා හිටියා.

ගුහාවේ සිරවෙලා ඉන්න පාපන්දු කණ්ඩායමට ලොකු තෑග්ගක් දෙන්න FIFA ලෝක කුසලානයත් තීරණය කරලා තියෙනවා. ඒ ගුහාවේ හිර වෙලා ඉන්න පාපන්දු කණ්ඩායම FIFA ලෝක කුසලානයේ අවසන් මහා තරඟයේ විශේෂ ආරාධිත අමුත්තන් විදියට සහභාගී කර ගන්න.


News Articles
Latest Videos
Most Popular Post