ජපානය යට වෙන්නම පහුගිය දවස්වල වැස්සා.මේ වැස්සට ජපානයේ බටහිර ප්‍රදේශයට ලොකු ආපදා තත්වයක් ඇති වුණා. මේ වෙද්දී පුද්ගලයින් 60 දෙනෙකු මිය ගිහින් තියෙනවා. තවත් විශාල පිරිසක් අතුරුදහන් වෙලා තියෙනවා.
නාය යෑම් සහ ගංවතුර නිසා මිලියන 1.5 ක් අවතැන් වෙලා. තවත් මිලියන 3 කට ආසන්න පිරිසක් ආපදාවන් හේතුවෙන් පිඩාවට පත්වෙලා තියෙනවා. ගංවතුරට ගසා ගෙන ගිය පුද්ගලයින් සෙවීම සඳහා හෙළිකොප්ටර් යාන 40 ක් යොදවා තියෙනවා කියලා ජපාන රජයේ ප්‍රකාශකවරයා වන Yoshihide Suga සදහන් කරා.
ආරක්ෂක අංශ සාමාජිකයින්ට අමතරව 50,000 ක ගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් මේ වෙද්දී ජපානයේ බටහිර ප්‍රදේශයේ සහන සේවා කටයුතු වලට එකතු වෙලා ඉන්නවා. ජපාන කාලගුණ බලධාරින් සඳහන් කරන්නේ මේ මොර සූරන වැස්ස ඉදිරි දින කිහිපයේදී තවත් වැඩි වෙයි කියලා.