පහුගිය සතියේ උදේට තෙල් මිල වැඩි වෙලා හවසට තෙල් මිල අඩු වුණා. මේ නිසා ජනතාව හිටියේ නූල් බෝලේ පැටලුන පූසෙක් වගේ. ඒ නිසාම තෙල් මිල ගැන එක තීන්දුවක් ගන්න කැබිනට් මණ්ඩලය අද රැස් වෙනවා.
මැයි මස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ ඉන්ධන මිල සූත‍්‍රයට අනුව සෑම මාස 02කටම පසුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් කරා. හැබැයි මුදල් අමාත්‍යාංශය සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර ඇතිවූ අනවබෝධ තත්ත්වයක් නිසා ඉන්ධන මිල ගැන ප්‍රශ්නය ඇති වුණා කියලා ඛණිජ තෙල් අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා කිව්වේ.
මුදල් අමාත්‍යාංශය නිවේදනයන් නිකුත් කරමින් ඉකුත් දා සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල ගණන්ද වෙනස් වෙන්න පුළුවන් කියලා.