News Line| Off Air
Generic placeholder image

Jul
10

පරිපාලකයන් දිනයි. ක්‍රීඩා ලෝලීන් පරාදයි. ලංකාවම ආදරය කළ මාලි සමුගැනීමේ සූදානමක.? – Exclusive

1427 Views


පරිපාලකයන් දිනයි. ක්‍රීඩා ලෝලීන් පරාදයි. ලංකාවම ආදරය කළ මාලි සමුගැනීමේ සූදානමක.? – Exclusive

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහිවුන විශිෂ්ඨ වේග පන්දු යවන්නත් අතළොස්සෙන් කෙනෙක් තමයි ලසිත් මාලිංග. කාලයක් ලෝකය පුරා පිතිකරුවන්ගේ එකම භීතිකාව වුණේ ඔහු.

හැබැයි ඇත්ත කතා කිරීම නිසාම ලංකාවේ ක්‍රිකට් බලධාරීන් ප්‍රසිද්ධියේම ඔහුව කපා දැම්මා. ඒ නිසා අපේ රටේ වටිනා සම්පතක් නිකරුණේ අපතේ යන්න හැරලා තියෙනවා. බලධාරීන්ගේ කැපිලි නිසා ලංකාව වෙනුවෙන් වැඩ පෙන්වන්න අවස්ථාවක් කාලෙකින් මාලිංගට ලැබුණේ. හැබැයි කොටන කුකුළාට මොන කොටුවත් එකයි කියන්න වගේ ලෝකය පුරා පැවැත් වෙන ලීග් තරඟ වලදී වැඩ පෙන්නන්න මාලිංගට පුළුවන් වුණා.

ඒකට ළඟම උදාහරණය තමයි මේ දවස්වල පැවැත් වෙන Global T20 තරඟාවලිය. අලුත් ක්‍රීඩා ඇමතිතුමාගෙන්වත් මාලිංගගේ කැපිලි නවතින පාටක් නම් පෙන්න නෑ. ඒ නිසා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් සමුගන්න සූදානම් වෙනවා කියලා ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් සියත 24 වෙත දැන ගන්න ලැබුණා.

තවත් සුපුරුදු දක්ෂතා අතර ඉන්න ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් වලට සමුදීම පරිපාලකයන්ට නම් ජයග්‍රහණයක් වෙයි. හැබැයි ඔහුට ආදරය කරන ලොවපුරා ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් වේවි.


News Articles
Latest Videos
Most Popular Post