News Line| Off Air
Generic placeholder image

Jul
10

ප්‍රියංකාගේ චිත්‍රපටියට විශ්ව විද්‍යාලයේ දොර වැසෙයි.

826 Views


ප්‍රියංකාගේ චිත්‍රපටියට විශ්ව විද්‍යාලයේ දොර වැසෙයි.

ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩය ජය ගත්ත සුරූපී නිලියක්. ඇයගේ දස්කම් නිසාම හොලිවුඩයත් ජයගන්න ප්‍රියංකාට පුළුවන් වුණා. පහුගිය දවසක ඇයගේ ඇමෙරිකානු පෙම්වතා එක්ක ප්‍රියංකා ඉන්දියාවට ආවා.

රංගනයෙන් වැඩ පෙන්නුවා ප්‍රියංකා චිත්‍රපට නිෂ්පාදනයටත් අත ගහන්නයි යන්නේ. ඒ “Relationship” චිත්‍රපටිය හරහා. හැබැයි පටන් ගත්ත තැනම ප්‍රියංකාගේ චිත්‍රපටියට බාල්දියක් පෙරළිලා තියෙනවා.

ප්‍රියංකාගේ Relationship චිත්‍රපටිය විස්ව භාරතී විශ්ව විද්‍යාලයේ රූගතකිරීම් කරන්න අවසර ඉල්ලලා තියෙනවා. හැබැයි ඔවුන් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ප්‍රියංකා චොප්රා කිහිපවරක්ම අවසර ඉල්ලලා තිබ්බත් විශ්ව විද්‍යාලයේ බලධාරීන් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post