News Line| Off Air
Generic placeholder image

Jul
11

FIFA ලෝක කුසලාන අවසන් සටනට ප්‍රංශය සුදුසුකම් ලබා ගනී. – Video / Photo

622 Views


FIFA ලෝක කුසලාන අවසන් සටනට ප්‍රංශය සුදුසුකම් ලබා ගනී. – Video / Photo

අවසන් මහා සටනට දොරගුළු විවෘත කරන පළවෙනි තරඟය ඊයේ පැවැත්වුණා. ඒ අසල්වැසි රටවල් 2 ක් වුන ප්‍රංශය සහ බෙල්ජියම අතර. සෑම මිනිත්තුවක්ම උණුසුම් වුන මේ තරඟය ජය ගන්න ප්‍රංශය සමත් වුණා.

ඒ බෙල්ජියමගෝල 1 – 0 ක් විදියට පාරාජය කරලා. පළවෙනි අර්ධයේදී ගෝල වාර්තා කරන්න කණ්ඩායම් දෙකටම බරි වුණා. දෙවෙනි අර්ධයේ 51 වන මිනිත්තුවේදී ප්‍රංශය වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය වාර්තා කරන්න Samuel Umtiti සමත් වුණා. ප්‍රංශ දැල් රකින්නාගේ සුපිරි දක්ෂතා නිසා එකම ගොලයක්වත් වාර්තා කරන්න බෙල්ජියමට බැරි වුණා.

ප‍්‍රංශය FIFA ලෝක කුසලානයක අවසන් මහා තරඟයකට සුදුසුකම් ලබපු තුන්වන අවස්ථාව මෙය වනවා. තරගයේදී ප‍්‍රංශය එංගලන්තය හෝ ක්‍රොඒෂියාව සමග තරඟ වදිනවා. තරඟාවලියේ දෙවෙනි අවසන් පූර්ව තරගය අද පස්වරුවේ එංගලන්තය සහ ක්‍රොඒෂියාව සටන් වදිනවා.


News Articles
Latest Videos
Most Popular Post