දුම්රියේ, පෞද්ගලික බස්වල ආසන වෙන්කර ගත්තට ලංගම බස් එකක ආසනයක් වෙන් කර ගන්න එක ලේසි නෑ. දුම්රියේ වුනත් ගොඩක් වෙලාවට දුම්රිය ස්ථානයකට ගිහින් නේ ආසන වෙන් කර ගන්න වෙන්නේ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භ වෙන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගන්න ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් (Mobile App) හඳුන්වා දෙන්න ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සැලසුම් කරලා තියෙනවා.
ඕනෑම දිස්ත්‍රික්කයකට ධාවනය වන බස්රථ සඳහා භාවිත කරන්න පුළුවන් විදියට මේ Mobile App එක හදලා තියෙනවා. ඔබට ගෙදර ඉඳන් බස් රථයේ කැමති ආසනයක් කැමති දුරකට වෙන්කර ගන්න මේ Mobile App එකෙන් පුළුවන්.
හැබැයි මේ සේවාව ලබා දීම වෙනුවෙන් සාමාන්‍ය බස් ගාස්තුවට අමතර රුපියල් 80ක මුදලක් අය කරනවා. බැංකු හා ඊසි කෑෂ් යන ක්‍රමවලින් මුදල් ගෙවන්නත් පුළුවන්. ඉදිරියේදී අනෙකුත් ප්‍රධාන නගරවලටත් මේ ක්‍රමය හඳුන්වා දෙන්න නියමිතයි.