News Line| Off Air
Generic placeholder image

Jul
11

සුළඟ වේගය තවත් ඉහළට. රට වටේ මුහුදත් රළු වෙයි.

518 Views


සුළඟ වේගය තවත් ඉහළට. රට වටේ මුහුදත් රළු වෙයි.

දිවයින හරහා හා දිවයින අවට මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යාමේ හැකියාව තවදුරටත් ඉහළ යනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මධ්‍යම උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ති‍්‍රකුණාමලය සහ අම්පාර දිස්ති‍්‍රක්කවලත් පැයට කිලෝ මීටර 50 ත් 60 ත් අතර ප‍්‍රහාරාත්මක සුළං ඇති වෙන්න පුළුවන්.

පුත්තලම ඉඳන් කන්කසන්තුරය හරහා ත‍්‍රිකුණාමලය දක්වා හා පොතුවිල් සිට මඩකලපුව දක්වා වන මුහුදු ප‍්‍රදේශයේ සුළගේ වේගය පැයට කිලෝ මීටර 65 ක් පමණ දක්වා ඉහළ යා හැකියි.

එවිට එම මුහුදු ප‍්‍රදේශ දැඩි ලෙස රළු වීමේ අවදානමක් පවතිනවා. ඒ නිසා ධීවර හා නාවික ප‍්‍රජාව මේ පිළිබදව අවදානයෙන් ඉන්න කියලා කාලගුණ අංශ දැනුම් දෙනවා.

බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත් වල ඇතැම් ප‍්‍රදේශවලට අද පස්වරුවේ මිලි මීටර 50 ඉක්මවූ වැසි ඇති විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post