News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
12

ගුහාවේ සිරවුන ළමයි කෑමත් නැතුව දින 9 ක් ජීවිතය රැක ගත්ත රහස හෙළිවෙයි.

1780 Views


ගුහාවේ සිරවුන ළමයි කෑමත් නැතුව දින 9 ක් ජීවිතය රැක ගත්ත රහස හෙළිවෙයි.

ලෝකයේ අසීරුම ගලවාගැනීමේ මෙහෙයුමෙන් පස්සේ තායිලන්තයේ ගුහාවේ සිරවුන ළමා පාපන්දු කණ්ඩායම බේරා ගන්න පුළුවන් වුණා. හැබැයි අතුරුදහන් වුන ඒ ළමයින්ව දවස් 9 කට පස්සේ තමයි හොයා ගත්තේ. ගුහාවක හිරවෙලා දවස් 9 ක් මේ ළමයි ජීවත් වුණේ කොහොමද?

ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක. මොකද ඔවුන්ට දවස් 9 කට ප්‍රමාණවත් ආහාර තිබ්බේ නෑ. දවස් 9 ක් ඔවුන් දිවි ගලවා ගත්ත රහසේ ළමයින් සමඟ ගුහාවේ හිරවුන පුහුණුකරු හෙළිකරා.

ඒ තමයි භාවනාව. කෑම නැතුව භාවනාවෙන් හිත සහ ශරීරය ශක්තිමත් කරගත්තා කියලයි ඔවුන් කිව්වේ. මං කාලයක් මහණ වෙල හිටපු කෙනෙක්, ඒ කාලය තුල මන් පුරුදු කරගත්ත දෙයක් තමයි භාවනාව. අදටත් භාවනාව කියන්නෙ මගෙ ජීවිතයේ එක කොටසක්. මං මගෙ ළමයින්ට පුරුදු කළා භාවනාව. ඒ තුලින් දුර්වල වෙන ශරියට ලැබෙන මානසික ශක්තියෙන් කය ප්‍රාණවත් කර ගන්න හැටි. ඒක ඒ දරුවෝ ලස්සනට ප්‍රගුන කරා. ඉතින් ඒ ශක්තිය අපිට මෙහෙම හරී ඉන්න ලොකු ශක්තියක් උණා.” කියලයි පුහුණුකරු මාධ්‍යට කිව්වේ.

ගුහාවේ සිරවුන දරුවන් වෙනුවෙන් සිය ආහාර පවා පරිත්‍යාග කරමින් ඔවුන්ට භාවනා කිරීමට උපදෙස් දීලා ශක්තිමත් කරපු එකාපෝල් චාන්ත්වොන්ග් පුහුණුකරු මේ වෙද්දී තායිලන්තයේ වීරයෙක් වෙලා අවසානයි.


News Articles
Latest Videos
Most Popular Post