News Line| Off Air| Games
Generic placeholder image

Jul
13

අද ලග්න 2ක් ප්‍රේමණිය දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

587 Views


අද ලග්න 2ක් ප්‍රේමණිය දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මයි ජුලි  13 වන සිකුරාදා  
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.42 සිට 12.15 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.49 සිට 12.16 දක්වා 
සුභ දිශාව: උතුරු 
මරු සිටින දිශාව: ගිනිකොන 

මේෂ ලග්නය

ප්‍රේමනීය සබඳතා සාර්ථක වන දවසක්. ඔබ ගැන අන් අය අතර යහපත් සිතුවිලි ඇතිවන දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි.  ධනය මෙන්ම බලයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                    ජය අංකය: 07

වෘෂභ ලග්නය

කය වෙහෙසවා වැඩකටයුතු කිරීමට සිදුවන දවසක්. සිතෙහි සතුට වර්ධනය වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ  පැහැය                                                ජය අංකය: 04

මිථුන ලග්නය

අද දවස බොහෝ සාමාන්‍ය ලෙස සතුටින් ගතකල හැකි දවසක් . අද්‍යාපන කටයුතු සර්තකකරගන්නත් ඔබට අද අවස්ථාව හිමිවනවා ඒ වගේම තමයි ඔබ උගත් දෙයින් ඔබ සිතනවාටත් වඩා සාර්ථක ප්‍රතිපල ලබාගත හැකි දවසක් ලෙසත් අද දවස හඳුන්වන්න පුළුවන්  අගමනුකුලව දවස අරඹ කරන්න .
ජය වර්ණය: ලා කහ   පැහැය                                                    ජය අංකය: 08

කටක ලග්නය

අත්සන් තැබීම් වලදී සැලකිලිමත් වියයුතු දවසක් . වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. සමාජ පිළිගැනීම් නොමදව ලැබෙන දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. ආගමානුකුලව මෙන්ම ප්‍රවේසමෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම්    පැහැය                                                           ජය අංකය: 08

සිංහ ලග්නය

යහළුවන් සමග ගමන් බිමන් යන්න සුබ දවසක්. බාධාකාරී තත්වයන් තිබුනද ඒවා සමනය වන දවසක් . ඔබේ සෞඛ්‍ය ගැන නම් වෙනදට වඩා වැඩි අවදානයක් යොමු කළයුතු දිනයකි. ඔබගේ උසස්වීම් ඉතාම යහපත් මට්ටමෙන් උදාකරගන්න පුළුවන් දවසක් . ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. වැඩිහිටි උපදෙස් මත කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ  පැහැය                                         ජය අංකය: 09

කන්‍යා ලග්නය

සමාජ සේවා කටයුතුවලා ඔබට සුබ දවසක් ලෙස අදදවස හඳුන්වන්න පුළුවන් ඒ වගේම ඔබ අත ගහන ගහන වැඩ සාර්ථක වෙන දවසක් අද දවස ඔබ රැකියාවේ වෙනසක් ඒවගේම උසස් වීමක් බලාපොරොත්තු උනානම් එකට හොඳම දවස තමයි අද දවස අගමනුකුලව දවස ආරම්බ කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                       ජය අංකය: 07

තුලා ලග්නය

අද දවස ඔබට සුබ දවසක් .කායික මානසික පීඩාකාරී තත්වයන් ඇතිවිය හැකි දවසක් ඔබ බලාපොරොත්තු වන අයගෙන් ඔබට උදවු නොලැබෙන්න පුළුවන්. එමෙන්ම කල්පනාකාරී වන්න. නමුත් ඔබ ප්‍රවේසම් වීම වැදගත් වන දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: රතු පැහැය                                      ජය අංකය: 06

වෘශ්චික ලග්නය

 

ප්‍රේමනීය කටයුතු වලට සුළු සුළු බාදා කාරී වැඩ සිදුවන  දවසක්  ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු වලින් පවා සුළු සුළු බාදා ඇතිවිය හැක. සුළු සුළු ගැටළු කාරී තත්වයන් ඇති උවද ඒවා මැඩ පැවැත්විය හැකි දවසක් ලෙස අද දවස හඳුන්වන්න පුළුවන් .කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද  යෝග්‍ය දිනයකි. වියදම් පිළිබඳව වඩාත් සැළකිලිමත් වන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තද නිල්    පැහැය                                             ජය අංකය: 07

ධනු ලග්නය

අදායම් තත්වය වැඩි කරගන්න පුළුවන්.වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාවෙන් කටයුතු කරන්න. නිසි සැලසුම් සහිතව දිනය ආරම්භ කරන්න. කෝපය නම් අනිවාර්යයෙන්ම පාලනය කරගත යුතු දිනයකි. අන් අයගේ වචනයටද ඇහුන්කම් දිය යුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: විසිතුරු  පැහැය                                                  ජය අංකය: 07

මකර ලග්නය

ආරම්භ කරන වැඩ කටයුතු සාර්ථක කරගන්න පුළුවන් දවසක්. පස්සට දාපු වැඩ කරන්න අන් අයගේ උපකාර ලබන්න හොඳ දවසක් . ඔබේ පරිපාලන හැකියාව නම් ඉහල මට්ටමක පවතින දිනයකි. අදහස් යටපත් කරගන්නා දිනයක් විය හැකිය. නිසි සැලසුම් සහිතව  වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම ඔබට වඩාත් යහපත්.
ජය වර්ණය: රතු පැහැය                                 ජය අංකය: 09

කුම්භ ලග්නය

දවස සුබ දවසක්. එම නිසා ආගමික භක්තිය වැඩිවන දවසක් කාන්තාවන් සමග කරන වැඩ වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ . වියදම් තත්වයද ඉහල යා හැකි දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                ජය අංකය: 07

මීන ලග්නය

අතගහන වැඩ සාර්ථක වෙන දවසක්  අද්‍යාපන කටයුතුවලදී වෙනදවට වඩා විමසිලිවන්ත විය යුතුයි.  ඔබට සාර්ථකත්වයක් ලබාගත හැකි ඔබ බලාපොරොත්තු වූ වැඩ කටයුතු බොහොමයක් සාර්ථක කරගත හැකි දිනයකි.. සමාජ ගෞරවය නොමදව ලැබෙන දිනයකි. කල්පනාකාරීව ඔබේ වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                           ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353
 


News Articles
Latest Videos
Most Popular Post