News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
13

අවසන් මහා සටනට රුසියාව ආරක්ෂාව වැඩි කරයි.

718 Views


අවසන් මහා සටනට රුසියාව ආරක්ෂාව වැඩි කරයි.

FIFA ලෝක කුසලානයේ අවසන් මහා තරඟය සදහා රුසියාව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ සදහා නිල ඇදුමෙන් මෙන්ම සිවිල් ඇදුමෙන් සැරසුණු ආරක්ෂක නිලධාරින් දහසකට වැඩි පිරිසක් යොදා ගන්න නියමිතයි.

FIFA ලෝක කුසලානයට ප‍්‍රහාරයක් එල්ල කරන බව ISIS ත‍්‍රස්ත සංවිධානය මීට පෙර අනතුරු අඟවලා තිබුණා.
රුසියාවේ පාපන්දු කී‍්‍රඩාංගණයක තබා ඇති FIFA කුසලානය වටා රුධිරය විසිරී ඇති අයුරු සහ පිපිරීමක් සිදු වන අයුරු දැක්වෙන චිත‍්‍රයක් ද ISIS සංවිධානය අන්තර්ජාලයට එක්කරලා තිබුණා.

ඒ නිසා මෙවර FIFA අවසන් මහා තරඟය සදහා පෙර නොවූ විරූ ලෙස විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් යොදන්න රුසියානු රජය පියවර ගනීවි කියලා විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. FIFA අවසන් මහා තරඟය අනිද්දා ප‍්‍රංශය සහ ක්‍රොඒෂියාව අතර පැවැත්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post