News Line| Off Air| Games
Generic placeholder image

Jul
15

අද ඔබ කතාබහේදී පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

441 Views


අද ඔබ කතාබහේදී පරිස්සම් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුලි මාසයේ 15 ඉරිදා

මේෂ ලග්නය

සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කලයුතු දිනයක්. වියදම් අධික වේවි. අන් අයගේ ප්‍රසංසාවට ගෞරවයට පාත්‍රවන දිනයක්. ආත්ම ශක්තිය වැඩි වෙනවා. දුර දක්නා නුවණින් කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න.

ජය වර්ණය: සුදුපැහැය                                                              ජය අංකය: 07

වෘෂභ ලග්නය

ගෙදරදොර සතුට සමාදානය ඇති වේවි. අන් අයගේ ආධාර උපකාර ලැබෙනවා. ජලය සම්බන්ධව කටයුතු කරන අයට ඉතා සුභ දිනයක්. ඔබ කිසියම් භාරදුර කටයුත්තක් කිරීමට උනන්දුවන දිනයක්. මිල මුදල් අතින්ද අඩුපාඩු නොමතිව කටයුතු කිරීමට හැකියාව ලැබේවි. ඉවසීමෙන් කටයුතු කරන්න.

ජය වර්ණය: විසිතුරු පැහැය                        ජය අංකය: 03

මිථුන ලග්නය

ගෙදරදොර සතුට සමාදානය ඇති වේවි.අන් අයගේ ආධාර උපකාර ලැබෙනවා. ජලය සම්බන්ධව කටයුතු කරන අයටඉතා සුභ දිනයක්. ගොවිතැන් ව්‍යාපාර කටයුතුකරන අයටද සුභ දිනයක්. කලා කටයුතු ගුරු වෘත්තියේ අයට සුභයි. මිල මුදල් ලැබෙනවා. ස්ත්‍රී පුරුෂ සමීප ඇසුරක් පවතිනවා.

ජය වර්ණය: ලා කොළ පැහැය                                 ජය අංකය: 05

කටක ලග්නය

සතුරු බලවේග සපුරා යටපත් කර ගැනීමට හැකියාව ලැබේවි. සෑම තැනකදීම කැපී පෙනෙනවා. නිහතමානිව අන් අයගේ සහයෝගයද ඇතිව කටයුතු කරනවා. දරුවන් පිලිබදව ඉතාම සැලකිලිමත් වන්න. තමන්ගේ සහකාරයාට අවනතව කීකරුව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා රෝස පැහැය                                 ජය අංකය: 04

සිංහ ලග්නය

සෑමඅතින්ම කටයුතු සඵල කර ගැනීමට වාසනාව උදාකර දෙනවා. සතුරු කරදර වලින් නිදහස් වීමට පිං දහම් කිරීමට දුර බැහැර ගමන් යාමට අවකාශ යෙදෙනවා. මහන්සියේ තරමට ප්‍රථිපල ලැබෙන හොද දවසක්. නොසිතු වියදමක් ඇති වුවත් ඒවා ඵලදායී වෙනවා. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. ජලයෙන් ප්‍රවේසම් වන්න.සියලු අභියෝග ජය ගැනීමට හැකියාව ලැබෙනවා.

ජය වර්ණය: රන්වන් පැහැය                     ජය අංකය: 06

කන්‍යා ලග්නය

අඹු දරුවන් සමග සහයෝගයෙන් කටයුතු කරනවා. සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වන්න. ඉවසීමෙන් සංයමයෙන් කටයුතු කරන්න. ගරු නම්බු ලැබීමට ජයග්‍රහණ ලැබීමට හේතු වේවි. පීරිස් බලය ලැබෙනවා. ආදායම යහපත් වෙනවා.

ජය වර්ණය: කොළ පැහැය                        ජය අංකය: 04

තුලා ලග්නය

හදිසි වාසනාවක් පෑදෙනවා. සතුරු කරදර ඇති නොවීමට වගබලා ගන්න. කතාවේදී ප්‍රවේසම් විය යුතුයි. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. ආදායම් වැඩි වෙනවා. දුර දක්නා නුවණින් කටයුතු කරන්න. වැඩිහිටියන් සමග සහයෝගයෙන් කටයුතු කරන්න.

ජය වර්ණය: රෝස පැහැය             ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

අලුත් හිතමිතුරන් ලැබෙනවා. ව්‍යාපාර කටයුතු කරන අයට සුභයි. නොගැලපෙන ආශ්‍රයෙන් ඈත් වන්න. අඹු සැමියන් අතර ගැටළු මතු විය හැකියි. තීන්දු තීරණ ගැනීමේදී සිතාමතා කටයුතු කරන්න. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව කල්පනාකාරීව කටයුතු කරන්න. සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න.

ජය වර්ණය: සුදුපැහැය                  ජය අංකය: 06

ධනු ලග්නය

අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර නොගෙන සිතට කරදර ඇති නොකරගෙන කටයුතු කිරීමට වගබලා ගන්න. කේන්ති නොගෙන කටයුතු කිරීමට වගබලා ගන්න. තමන්ගේ පාඩුවේ තම වගකීම් පමණක් ඉටු කරමින් පමණක් කටයුතු කරන්න. අන් අයගේ අඩුපාඩු දැකීමෙන් වලකින්න. උපේක්ෂා සහගතව කටයුතු කරන්න.

ජය වර්ණය: ලා රෝසපැහැය                     ජය අංකය: 06

මකර ලග්නය

රහසිගතව කරන ගමන් බිමන් පහත් ඇවතුම් පැවතුම් ගති නිසා ඇතිවන ගැටළු වලින් වැළකීමට වගබලා ගන්න. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. කරදරයක් සිත් තැවුලක් ඇති නොවීමට වගබලා ගන්න. රැකියාවේ කටයුතු ප්‍රවේසමෙන් කරන්න. තැනට සුදසු නුවණ භාවිතා කරන්න.

ජය වර්ණය: ක්‍රීම් පැහැය                ජය අංකය: 03

කුම්භ ලග්නය

කරන ව්‍යාපාර වලින් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ගණුදෙනු සාර්ථක වෙනවා. සංවිධාන ශක්තිය ඇති වෙනවා. නපුරු අදහස් පහල වීමට ඉඩ තිබෙනවා. වැඩිහිටියන්ගේඋපදෙස් පිළිපදින්න. දුරබැහැර ගමන් බිමන් යෙදෙවී. තැනට සුදුසු නුවණින් කටයුතු කරන්න. සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වන්න.

ජය වර්ණය: ලා නිල් පැහැය                       ජය අංකය: 04

මීන ලග්නය

සතුරන් මර්ධනය කිරීමට හැකියාව ලැබෙනවා. දැනුමට ශ්‍රමයට වටිනාකමක් ලැබෙනවා. ගෙදරදොර සතුට සමාදානය ඇති වෙනවා. එන අයගේ සහයෝගය ලැබෙනවා. උසස් අයගේ උපකාර ලැබෙනවා. දියුණු විය හැකි දිනයක්. නිරෝගී බවට පත් වෙනවා. වෘත්තිමය කටයුතු පිලිබදව සැලකිලිමත් වන්න.

ජය වර්ණය: ලා නිල්පැහැය                        ජය අංකය: 03

 

 

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී :වයි. එම්. කේ.යාපාබණ්ඩාර

දුරකථන අංකය: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post