ලංකාවේ මිනිසුන් වැඩියෙන්ම ආදරය කරන විරුවන් දෙගොල්ලක් ඉන්නවා. එක කොටසක් තමයි අපේ රට රකින රණවිරුවන්. අනිත් අය තමයි රටේ නම ලෝකෙට ගෙනියන ක්‍රිකට් විරුවන්.
දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාව සටන් වදිනවා බලන්න අභිමන්සල රණවිරු සෙවණේ අබාධිත රණවිරුවන් පිරිසක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට ඇවිත් හිටියා. අප්‍රිකානුවන්ට එරෙහිව විශිෂ්ඨ ජයග්‍රහණයෙන් පස්සේ ඒ සතුට සමරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අබාධිත රණවිරුවන් සමඟ එකතු වුණා.
මේ අවස්ථාවට ටෙස්ට් තරඟාවලිය අහිමි වුන දිනේෂ් චන්දිමාලුත් එකතු වුණා. මේ තියෙන්නේ ඒ සුන්දර මොහොත.