News Line| Off Air
Generic placeholder image

Jul
17

“විපක්ෂ නායක ධූරය දිනේෂ්ට දෙන්න.” – ඒකාබද්ධ විපක්ෂය අද පළමු වරට පාර්ලිමේන්තුවේදී ඉල්ලයි.

926 Views


“විපක්ෂ නායක ධූරය දිනේෂ්ට දෙන්න.” – ඒකාබද්ධ විපක්ෂය අද පළමු වරට පාර්ලිමේන්තුවේදී ඉල්ලයි.

රට කවන තැන ඇත්තෝ ටික අදත් දියවන්නාව මැදට රැස් වෙනවා. ඒ මේ වෙද්දී රටේ වැඩියෙන්ම කතා බහට ලක්වෙන කාරණා කිහිපයක් ගැන විවාද කරන්න.

මුලින්ම විවාද කරන්න සූදානමින් ඉන්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන. ආණ්ඩුවේ අය මේ ගිවිසුම හොඳයි කිව්වාට විපක්ෂයේ අයගේ නම් ඒ ගැන කැමැත්තක් තිබුණේ නෑ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂයත් අද පාර්ලිමේන්තුවේ බෝම්බයක් අතහරින්න සූදානමින් ඉන්නවා. ඒ විපක්ෂ නායක ධූරය පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට දෙන්න කියලා. මේ යෝජනාව කරලා ඒකාබද්ධ විපක්ෂව කතානායකවරයාට ලිපියක් දෙන්නත් සූදානම් කරලා තියෙනවා. මන්ත‍්‍රීවරුන් 70 දෙනෙකු මේ ලිපියට අත්සන් කරලා තියෙනවා කියලයි වාර්තා වෙන්නේ.

පහුගිය ටිකේ තැන තැන කතා වුන මරණ දඩුවම ගැනත් අද පාර්ලිමේන්තුවේදී කතා බහ කරන්න ඉඩ තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සදහා මරණ දඩුවම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඕන කියලා එක්සත් ජාතික පක්ෂයම කියනවා. එජාපයේ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායම ඒ පිලිබදව පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව දැනුවත් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post