FIFA ලෝක කුසලානයේ පෙරළිකාරම කණ්ඩායම ක්‍රොඒෂියාව. මේ තරඟාවලියේ ඔවුන්ගේ ක්‍රීඩා විලාශය දැක්ක ඕනෑම කෙනෙක් ඒක අවිවාදයෙන් පිළිගන්නවා.
අවසන් සටනේදී ප්‍රභල ප්‍රංශය සමඟ තරඟ වැදුන ඔවුන්ට අනුශූරතාවයෙන් සෑහීමකට පත් වෙන්න ඔවුන්ට සිද්ධ වුණා. ලෝක කුසලානය අහිමි වුනත් මුළු ලෝකයේම ආදරය, ගෞරවය දිනා ගන්න ක්‍රොඒෂියාවේ පාපන්දු කණ්ඩායම සමත් වුණා.
ඊයේ ඔවුනුත් තමන්ගේ මවු රටට ආවා. තමන්ගේ පුංචි රට ලෝකය ඉදිරියේ රන් අකුරුන් ලියපු කණ්ඩායම ක්‍රොඒෂියානුවන් පිළිගත්තේ ඉතා ඉහළින්. පාපන්දු කණ්ඩායම් ගමන් කරන මඟ දෙපසට රැස් වුන ක්‍රොඒෂියානුවන් ඉතා උණුසුම් අන්දමින් ඔවුන්ව පිළිගත්තා.