කොදෙව් සංචාරයේදී ඇති වුන ප්‍රශ්නයට ලංකාවට දඬුවම් කරන එක ICC ය තාමත් නවත්වලා නෑ. මුලින්ම පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා චන්දිමාල්ට දඬුවම් කරා. ඊට පස්සේ පිටියට එන එක ප්‍රතික්ෂේප කරා කියලා චන්දිට, හතුරුට සහ ගුරූට ටෙස්ට් තරඟ 2 ක් තහනම් කරා.
හැබැයි ICC ය එතනින් නැවතිලා නෑ. ඔවුන්ට එක්දින හෝ T20 තරඟ 4 ක තහනමක් පනවන්නත් ICC ය තීරණය කරලා තියෙනවා. මේ නිසා දකුණු අප්‍රිකාව එක්ක තියෙන එක්දින තරඟාවලියේ තරඟ 4 ක් ඔවුන්ට අහිමි වෙනවා.