News Line| Off Air
Generic placeholder image

Jul
17

ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට ස්ථාන මාරුවක්. අලුත්ම තැන මෙන්න.

5351 Views


ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයට ස්ථාන මාරුවක්. අලුත්ම තැන මෙන්න.

දකුණු ලක අගනගරය ගාල්ල ලෝකයේ ප්‍රසිද්ධ වුන ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ලෝක උරුමයක් වුන ගාලු කොටුව. අනිත් එක තමයි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ජයබිමක් වුන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය.

හැබැයි මේ වෙද්දී ගාල්ලට රවුලද කැඳද කියලා තීරණය කරන්න වෙලා තියෙනවා. ඒ ගාලු කොටුව ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ සූදානමක් නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය දැන් තියෙන තැනින් ඉවත් කරන්න සිදු වීම. ඒ ගැන සවිස්තරාත්මක වාර්තාවක් මීට කලින් අපි ඔබට ගෙන ආවා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කිරීම ගැන සාකච්ඡාවක් අදත් පැවැත් වෙනවා. ඒ වගේම මේ වෙද්දී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අලුතින් ඉදිකරන තැනත් තීරණය කරලා තියෙනවා. ගාල්ල පින්නදූව ප්‍රදේශයේ තමයි අලුත් ක්‍රීඩාංගනය ඉදිකරන්න සූදානම් කරලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අක්කර 50 ක භූමියක් දැනටමත් වෙන් කරලා තියෙනවා.

ගාලු කොටු පවුර පාමුල තියෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගනය 1998 දී ටෙස්ට් වරම් ලබා ගන්නවා. මේ වෙනකන් ටෙස්ට් තරඟ 31 ක් සහ එක්දින තරඟ 6 ක් පවත්වලා තියෙනවා. ටෙස්ට් තරඟ 31 න් 18 ක් ම ලංකාව ජය ගන්න පුළුවන් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවට වඩාත් වාසි දායකම ක්‍රීඩා පිටිය විදියටයි ගාලු පිටිය සැලකෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post