ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයේ මරමස්ථානයක්. උඩින් ගියත් දියෙන් ගියත් ලංකාවේ නවත්වලා තමයි යන්න වෙන්නේ. ඒනිසා ලංකාවේ වාරයන්ට සහ ගුවන් තොටුපළවල් වලට තියෙන්නේ ලොකු ඉල්ලුමක්.
මේ වෙද්දී ලංකාවට ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2 ක් තියෙනවා. එකක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ, අනිත් එක මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ. මේ දෙකට අමතරව තවත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හදන්න රජය සූදානම් වෙනවා.
පොළොන්නරුව, හිඟුරක්ගොඩ ප්‍රදේශයේ තමයි අලුත් ගුවන්තොටුපළ හදන්න සැලසුම් කරලා තියෙන්නේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන මහ සැලැස්ම යටතේ තමයි මේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදිකරන්නේ. 2050 වෙද්දී මේ ව්‍යාපෘතිය අවසන් කරන්න නියමිතයි.