News Line| Off Air
Generic placeholder image

Jul
18

සෞදි කාන්තාවන්ට පියාඹන්න අවසර දෙයි.

519 Views


සෞදි කාන්තාවන්ට පියාඹන්න අවසර දෙයි.

සෞදිය කියන්නේ නීති රීති වැඩි රටක්. විශේෂයෙන්ම කාන්තාවන්ට නම් සෞදියේදී හුස්ම ගන්නත් දෙතුන් පාරක් හිතන්න ඕන. හැබැයි ඔටුන්න හිමි කුමාරයාගේ අලුත් වැඩපිළිවෙල නිසා සෞදි කාන්තාවන්ට දවසින් දවස නිදහස වැඩි වෙනවා.

පහුගිය දවසක සෞදි කාන්තාවන්ට වාහන පදවන්න අවසර දුන්නා. මේ අවසරය දීලා මාසයක් යන්නත් කලින් ඔවුන් තවත් පිම්මක් පනින්න හදනවා. ඒ සෞදි කාන්තාවන්ට කිරිල්ලියන් වෙන්න අවසර දීලා. සෞදි අරාබිය පළමු වරට කාන්තාවන්ට ගුවන් යානා පැදවීමේ පුහුණුව ලබා දෙන්න තීරණය කරලා තියෙනවා.

මේ ආරංචිය කන වැකුණ ගමන් සෞදි කාන්තාවන් සිය ගණනක් ගුවන් යානා පැදවීමේ පුහුණුව සදහා ඔක්ස්ෆර්ඩ් ගුවන් සේවා ඇකඩමියට ඉල්ලුම් පත්‍ර යොමු කරලා. මේ ඉල්ලුම නිසා සෞදියේ ඩමාම් නගරයේ නව පුහුණු පාසලක් ඇරඹීමට කටයුතු යොදලා තියෙනවා.

ගුවන් යානා පුහුණුව සදහා අරඹන ඇකඩමිය සහ සිමියුලේටරය සදහා වන ව්‍යාපෘතිය සදහා ඩොලර් මිලියන 300 ක් වැය වෙනවා කියලා සෞදි ආරංචි මාර්ග සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post