News Line| Off Air
Generic placeholder image

Jul
18

ප්‍රංශයේ එම්බාපේ ලෝක කුසලානයෙන් ලැබුන සියලුම මුදල් වලට කරන්න යන දේ මෙන්න.

1756 Views


ප්‍රංශයේ එම්බාපේ ලෝක කුසලානයෙන් ලැබුන සියලුම මුදල් වලට කරන්න යන දේ මෙන්න.

පාපන්දු ලෝක කුසලානය අවසන් වෙලා දවස් කිහිපයක් ගත වෙලා තියෙනවා. හැබැයි තාමත් ඒ ගැන කතා බහ නම් අඩු වෙලා නෑ. කුසලානය දිනා ගත්ත ප්‍රංශ කණ්ඩායමේ Kylian Mbappé තමයි දක්ෂතම තරුණ ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ.

ජයග්‍රහණයෙන් පස්සේ ප්‍රංශයට ආව Mbappé කරපු වැඩක් ගැන ලෝකයම කතා බහ කරන්න පටන් අරන් තියෙනවා. ඒ ඔහු ලෝක කුසලාන තරඟාවලියෙන් උපයා ගත්ත සියලුම මුදල් ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කරන Premiers de Cordee නම් ආයතනයට පරිත්‍යාග කරන්න තීරණය කරලා තියෙනවා.

FIFA ලෝක කුසලාන තරඟාවලියේදී Mbappé තරඟ 7 කට ක්‍රීඩා කරා. එක තරඟයකදී ඇමරිකානු ඩොලර් 22 300 ක මුදලක් ඔහුට හිමි වෙනවා. ඊට අමතරව ලෝක කුසලානය ජයග්‍රහණය කීරීම වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 350 000 මුදලක් හිමිවෙනවා.

මුළු මුදල වුන ඇමරිකානු ඩොලර් 506 100 (රු. 81 011 424.68) ම මේ ආයතනයට පරිත්‍යාග කරන්න Kylian Mbappé තීරණය කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post