ක්‍රිකට් කියන්නේ ලංකාවේ අයට ආගමක් වගේ. සමහරුන්ට ක්‍රිකට් කියන්නේ මුළු ජීවිතයම. එහෙම රටක ක්‍රිකට් ගැන තීන්දු තීරණ ගනිද්දී දෙපාරක් හිතන්න වෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ වාසනාවන්තම ක්‍රීඩාංගනය විදියට හඳුන්වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය. ගාලු පිටියේ පවත්වලා තියෙන ටෙස්ට් තරඟ 31 න 18 ක් ම ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. තරඟ 6 ක් ජය පරාජයෙන් තොරව අවසන් වෙලා තියෙනවා.
හැබැයි ඒ වගේම වාසනාවක් ලංකාවේ ක්‍රිකට් වලට උරුම කරලා දුන්න ගාලු පිටියේ ආයුෂ අවසන් වෙමින් තියෙනවා. ගාලු කොටු පවුරේ ලෝක උරුමය බේරා ගන්න ගාලු පිටිය ඉවත් කරන්න සූදානම් වෙනවා. හැබැයි මේකට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් නම් වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. ගාලු පිටිය ඉවත් කරනවාට විරුද්ධව බුකියේ ලොකු විරෝධයක් එල්ල වෙලා තියෙනවා.
මේ තියෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත් කරනවාට විරුද්ධව බුකියේ පලවුන ඔක්කොම post.