පාපන්දු ලෝක කුසලානයේ උණුසුමට දෙවෙනි වුන සිදුවීමක් තමයි තායිලන්තයේ ගුහාවක සිරවුන පාපන්දු කණ්ඩායම. අවසානයේ ලෝකයක් එකතු වෙලා ඔවුන්ව ඒ ගුහාවෙන් බේරා ගන්න සමත් වුණා.
ගුහාවෙන් එළියට ආවත් ඔවුන්ට ගෙදර නම් යන්න වුණේ නෑ. මොකද සති 2 කට වඩා කාලයක් ගුහාවේ හිටිය නිසා ඔවුන්ගේ සෞඛ්‍ය පිරිහිලා තිබුණේ. ඒ නිසා තවත් දවස් කිහිපයක් ඔවුන්ට තායිලන්තයේ විශේෂ රෝහලක ප්‍රතිකාර ලබන්න සිද්ධ වුණා.
හැබැයි ඊයේ ඔවුන්ට ගෙදර යන්න අවස්ථාව ලැබුණා. කට්ටිය රෝහලේ දොරෙන් එළියට ආවේ කුඩුවක හිරකරගෙන හිටිය කුරුල්ලෝ රංචුවක් නිදහස් කරා වගේ. රෝහලෙන් යන්න කලින් ඔවුන්ගේ පුහුණුකරු එක්ක පුහුණුවීම් කරන්නත් අවස්ථාව සලසලා දීලා තිබ්බා. ඒ වගේම මාධ්‍ය හමුවකටත් ඔවුන් එකතු වුණා.
කණ්ඩායමේ ළමයි 13 දෙනාගෙන් එක්කෙනෙක්ට විතරයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කම තිබ්බේ. ඔහු ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් කිව්වේ සිරවී සිටි තමන් ඇතුළු පිරිස පළමුවරට සොයාගත් අවස්ථාව ආශ්චර්යේ මොහොත විදියට හඳුන්වනවා කියලා.
“ගුහාවේ ඉන්නකොට වතුර තමයි අපි ආහාරයට ගත්තේ. ගුහාවේ ජලය පිරිසිදුව තිබ්බා. අපි ආහාර ගැන හිතුවේ නෑ. මොකද කුසගින්න ගැන සිතුවිල්ල හිතෙන් අයින් කර ගන්න ඕන නිසා.” කියලා ගුහාවේ අත්දැකීම ඔහු විස්තර කරා.