කාලයක් ලංකාවේ ක්‍රිකට් දිනවපු ක්‍රීඩකයෙක් තමයි ලසිත් මාලිංග. ලෝකයේ ප්‍රභලම පිතිකරුවන් පවා මාලිංගගේ පන්දු වලට මුහුණ දෙන්න බය වුණා. හැබැයි ක්‍රිකට් බලධාරීන්ගේ වැරදි වහ ගන්න මාලිංගව කැපුවා කියන එක කාටවත් රහසක් නෙවෙයි.
ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් අපිට දැනගන්න ලැබුණේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත් වෙන එක්දින තරඟාවලිය ලසිත් මාලිංග කැඳවන්න ලොකු ඉඩක් තියෙනවා කියලා. තරඟ 5 ක් සම්පූරණ තරඟාවලියම හෝ එක තරඟයක් ක්‍රීඩා කරන්න ලසිත් මාලිංගට අවස්ථාව ලැබෙන්න ඉඩ තියෙනවා.
2019 ලෝක කුසලානය ගැන කතා කරන්න පහුගිය දා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව, පුහුණුකරුවන් සහ භෞතචිකිත්සක අතර විශේෂ සාකච්ඡාවක් තිබ්බා. මේ සාකච්ඡාවේදී මාලිංග ගැනත් කතා බහ වෙලා තියෙනවා.
“අපි ලෝක කුසලාන තෝරන ක්‍රීඩකයන්ව දැන් ජාතික කණ්‌ඩායමට ‘ඒ’ කණ්‌ඩායමට වශයෙන් ක්‍රීඩා කරවනවා. ලසිත් මාලිංගටත් මම ඒ බව දන්වලා තියෙනවා. පුහුණුකරු චන්දික හතුරුසිංහ කිව්වොත් අන්තිම ඕවර ටික දාන්න මාලිංග වගේ කෙනෙක් අවශ්‍යයි කියලා එයාට දකුණු අප්‍රිකානු එක්‌දින තරගාවලිය ක්‍රීඩා කරන්න අවස්‌ථාවක් තියේවි.” කියලයි මේ සාකච්ඡාවෙන් පස්සේ ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්බ්‍රොයි කිව්වේ.
හැබැයි අපිට ආරංචි වුන විදියට නම් මාලිංගට මේ අවස්ථාව දෙන්නේ 2019 ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරන්න නම් නෙවෙයි. ඒ මාලිංගගේ ක්‍රිකට් වලින් සමුගැනීම සඳහා.
සියත 24 වෙත විශ්වාසවන්තම ආරංචි මාර්ගවලින් දැන ගන්න ලැබුනේ මාලිංගට මේ තරඟාවලියේදී අවස්ථාව ලැබුනොත් තරඟාවලියට කලින් හරි තරඟාවලිය අවසානයේදී හරි ක්‍රිකට් වලින් සමුගැනීම නිවේදනය කරන්න නියමිතයි.