බොරුවට අත්තටු තියෙනවා කියනවනේ. මිනිස්සු ඇත්තට වඩා බොරුව තමයි පිළිගන්න කැමති. හැබැයි ඉතින් අන්තිමේදී විහින් අමාරුවේ වැටෙනවා. මේ කියන්න යන්නේ ඒ වගේ බොරුවක් නිසා අමාරුවේ වැටෙන්න යන අයට බේරෙන විදිය.
Mr.Bean නිසා හිනා නොවුණු කෙනෙක් නැති තරම්. වර්තමානයේ ලෝකයේ ඉන්න හොඳම විකට රංගන ශිල්පියා ඔහු. Mr.Bean කියලා ලෝකයම හඳුනා ගත්තට ඔහුගේ ඇත්ත නම Rowan Atkinson. මේ දවස්වල ඔහු ගැන පුවතක් ඉතාම සීග්‍රයෙන් අන්තර්ජාලයේ පැතිරෙනවා.
ඒ Rowan Atkinson මිය ගිහින් කියලා. FOX ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්තියක් විදියට තමයි මේ Link එක එන්නේ. මේ Link එකේ Play Button එකකුත් තියෙනවා. ඔබ මේ Play Button එක Click කරාම බොරු Error Page එකක් එනවා. ඔබේ පරිගණයක Lock වෙලා කියලයි මේ Error Page එකේ සඳහන් වෙන්නේ. Unlock කරන්න අංකයක් ඇතුලත් කරන්න කියලා සඳහන් වෙනවා.
ඊට පස්සේ පරිගණකය යථා තත්වයට පත් කරාට මුදල් අය කර ගන්න ඔබේ Credit Card තොරතුරු ඉල්ලනවා. ඒ වගේම Software එකක් Download කර ගන්නත් ඔවුන් පොළඹවනවා. ඔබ ඒ Software එක Download කර ගත්තොත් ඔබ පරිගණකයේ සියලුම තොරතුරු ඔවුන්ට ගත හැකි වෙනවා.
ඔබටත් අන්තර්ජාලය හරහා මේ වගේ පණිවිඩයක් ආවොත් ඒ Link එක Click නොකරන්න වග බලා ගන්න.