News Line| Off Air
Generic placeholder image

Jul
20

මැතිව්ස් වාර්තාවක් තියන්න යන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

2907 Views


මැතිව්ස් වාර්තාවක් තියන්න යන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ගාල්ලේදී අන්ත අසරණ වුන දකුණු අප්‍රිකානු කණ්ඩායම අද ලොකු බලාපොරොත්තුවක් තියාගෙන SSC ක්‍රීඩාංගනයට එනවා. ඒ ශ්‍රී ලංකාව එක්ක තියෙනවා දෙවෙනි සහ අවසන් ටෙස්ට් තරඟයට. ගාල්ලේදී සුපිරි ජයක් ලබපු ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට එන්නේ අප්‍රිකාවේ බලාපොරොත්තු සුන් කරන්න බලාගෙන.

අද කොළඹ SSC පිටියේ පැවැත්වෙන ටෙස්ට් තරඟයත් එක්ක SSC පිටිය වාර්තා පොත් අතරට යනවා. ඒ ආසියාවේ වැඩිම ටෙස්ට් තරඟ සංඛ්‍යාවක් පවත්වපු ක්‍රීඩාංගනය විදියට. තරඟය පවත්වන්න තවත් සුදුළු මොහොතක් ඉතිරි වෙලා තියෙද්දී අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා.

SSC පිටිය පිතිකරුවන්ගේ පාරාදීසයක් විදියට තමයි හැදින්වෙන්නේ. ඒ නිසා ගාල්ලේදී පන්දු යවන්නන්ගේ කරේ තිබ්බ වගකීම අද පිතිකරුවන්ට ගන්න වෙනවා. විශේෂයෙන්ම ගාල්ලට වැඩ පිත්ත වනන්න SSC පිටියේදී පිතිකරුවන්ට සිද්ධ වෙනවා. චන්දිමාල් නැති අඩුවත් පුරවන්න දිමුත්ට, මැතිව්ස්ට, දනුෂ්කට සහ දික්වැල්ලට සිද්ධ වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම වෙනසක් නොවෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හැබැයි දකුණු අප්‍රිකානු පිලේ එක වෙනස්කමක් වෙයි කියලා කොළඹින් වාර්තා වෙනවා. ඒ පිලැන්ඩර් වෙනුවට තවත් පිතිකරුවෙක් කණ්ඩායමට එකතු වෙන්න ඉඩ තියෙනවා.

අද තරඟයේදී වාර්තා කිහිපයක් තියන්න දෙපිලේම ක්‍රීඩකයන් සූදානමින් ඉන්නවා. හෂීම් අම්ලාට තවත් ලකුණු 3 ක් විතරයි ටෙස්ට් ලකුණු 9000 සීමාව පහු කරන්න අවශ්‍ය. මැතිව්ස්ට තවත් ලකුණු 8 ක් අවශ්‍යයි ටෙස්ට් ලකුණු 5000 පහු කරන්න.


News Articles
Latest Videos
Most Popular Post