මේගන් මාකල්, හැරී කුමාරයාගේ මනමාලි ටිකක් හිතුවක්කාර චරිතයක් විදියට තමයි ලෝකයේ ප්‍රසිද්ධ. විශේෂයෙන්ම රජ පවුලේ නීති රීතී කන්නම රජ පවුලට එකතු වුන කෙනෙක්.
මේගන් රජ පවුලට එකතු වුණේ ඇඟේ පවුලේ අයව අතහැරලා. විශේෂයෙන්ම පියා ගැන වැඩි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. හැබැයි මේගන්ව දැක ගන්න නැතුව ඇඟේ පියා නම් ලොකු කනස්සලකින් ඉන්නේ කියලා මේගන්ගේ සුළු සහෝදරිය twitter සටහනක් තියලා තිබ්බා. ඒ ගැන හිතලා පියා මිය ගියොත් ඒ ගැන සම්පූර්ණ වගකීම මේගන් බාර ගන්න ඕන කියලයි සුළු සහෝදරිය චෝදනා කරලා තිබ්බේ.
මේ නිසා 2019 දී තමන්ගේ උපන්බිම වුන ඇමෙරිකාවට පෞද්ගලික සංචාරයකට යන්න මේගන් තීරණය කරලා තියෙනවා. ඒ තමන්ගේ ස්වාමිපුරුෂයා වුන හැරී කුමාරයත් දාලා තනියම. තමන්ගේ පවුලේ අය සහ යාළුවන්ව බලන්න තමයි ඇය මේ ගමන යන්න හදන්නේ.
කොහොම වුනත් රැජින නම් මේ ගැන තාම කැමැත්තක් අකමැත්තක් පළ කරලා නෑ.