News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

“ආදරය කරන දර්ශනවලදී චුට්ටක් විතර චුරු චුරු ගානවා, ඒ නිසා ටික කාලයක් අරගෙන තමයි ඔහුට කැමති වුණේ ” – අලුත බැඳපු තිසුරි මුලින්ම මාධ්‍යට කියපු කතාව මෙන්න.

2117 Views


“ආදරය කරන දර්ශනවලදී චුට්ටක් විතර චුරු චුරු ගානවා, ඒ නිසා ටික කාලයක් අරගෙන තමයි ඔහුට කැමති වුණේ ” – අලුත බැඳපු තිසුරි මුලින්ම මාධ්‍යට කියපු කතාව මෙන්න.

තිසුරි යුවනිකා කියන්නේ පුංචි ඉඳන්ම රංගන ශිල්පිනියක් විදිහට දකින්න ලැබෙන කෙනෙක්. ඒ ඇයගේ අම්මගේ ආශීර්වාදයත් එක්ක ලැබුණු ගුරුහරුකම් නිසා. ඉතින් තිසුරි පසුගියදා විවාහ වුණා. ඇය කියන විදිහට ඇයගේ සැමියා පුංචි කාලේ සිටම දන්න හඳුනන කෙනෙක්. විවාහයෙන් පසේ ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට තමයි මාධ්‍යට කිව්වේ.

ජීවිතේ අලුත් වෙලා. මොකද හිතෙන්නේ?
ඇත්තටම ගොඩක් සතුටුයි.

ඒකද පසුගිය දිනවල ගොඩක් කාර්යබහුල වෙලා හිටියේ?
ඔව්. විවාහ උත්සවයේ වැඩත් එක්ක වගේම රංගන ක්ෂේත්‍රයේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා හිටියා.

ඔබේ ආදරණීය සැමියා කොහොමද මුණගැහෙන්නේ?
මගේ තාත්තගෙ මාර්ගයෙන් තමයි ඔහුව මුණගැහෙන්නේ. එයාගේ තාත්තයි, අපේ තාත්තයි හොඳ යාළුවෝ. ‍පොඩි කා‍ලේ ඉඳන්ම අපි හොඳට අඳුනනවා. ඒ යාළුකමත් එක්ක තමයි අපේ සම්බන්ධය ගොඩනැගෙන්නේ.

කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කරන්නේ?
ඔහු තමයි මුලින්ම ආදරය ප්‍රකාශ කළේ. නමුත් මම එකපාරටම ඒකට පිළිතුරක් දෙන්න ගියේ නැහැ. මොකද මම ඒ කා‍ලේ ඉඳන්ම හිතුවා ආදරය විවාහයෙන් කෙළවර වෙන්න ඕන කියන දේ. ඒ නිසා ටික කාලයක් අරගෙන තමයි ඔහුට කැමති වුණේ. මොකද විවාහය කියන්නේ ජීවිතේට එක පාරක් ගන්න ඕන තීරණයක්. ඒ නිසා මුලදී බයකුත් හිතුණා.

ඔහු වගේ සැමියෙක් මුණ ගැසීම ගැන මොකද හිතන්නේ?
ඇත්තටම මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මොකද ‍පොඩි කා‍ලේ ඉඳන්ම හොඳට මම එයාව දන්නවා. එයා හොඳ ගතිගුණ තියෙන මනුස්සයෙක්. මම හැමදාම හෙව්වේ මගේ අම්මටයි, තාත්තටයි පුතෙක්ව. මොකද මම පවුලෙ එකම දරුවා. ඒ හැමදේම එයා ගාව තියෙනවා. හැමදේකටම එයාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඉතින් ඒ දේවල් එක්ක මම එයාට කැමති වුණා.

විවාහයත් එක්ක තිසුරි රංගනයෙන් සමුගන්නවාද?
සමුගන්නෙ නම් නැහැ. රංගනය තමයි මගේ වෘත්තිය. එයා ‍පොඩි කා‍ලේ ඉඳන්ම මාව හඳුනනවා. එයාට මේ ක්ෂේත්‍රය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මම ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්නේ නැහැ. කැමති විදිහේ නිර්මාණ ලැබුණොත් විතරයි කරන්නේ. මට හොඳ නිර්මාණ ලැබුණොත් භාරගනීවි.

ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ ඔහු නරඹනවාද?
ඉඩ ලැබෙන හැම වෙලාවකම එයා අනිවාර්යයෙන්ම මම රංගනයෙන් දායක වුණු නිර්මාණ බලනවා. ගුණ දොස් කියනවා. ආදරය කරන දර්ශනවලදී චුට්ටක් විතර චුරු චුරු ගානවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නෙ.

ඔබ දෙදෙනා ක්ෂේත්‍ර දෙකක නිසා වෙලාව ගැටලුවක් නැද්ද?
නැහැ. මම ඒ දේට කැමතියි. මගේ අම්මයි, තාත්තයි ක්ෂේත්‍ර දෙකක. මම ‍පොඩි කා‍ලේ ඉඳන්ම දැක්කේ අපේ ගෙදර පසුබිම. ඒ නිසා මම නිතරම හිතුවා මමත් වෙනත් ක්ෂේත්‍රයක කෙනෙක්ම තමයි විවාහ කරගන්නේ කියලා. ක්ෂේත්‍ර දෙකක වුණාහම පහසුයි කියලා මම හිතනවා

විවාහයෙන් පස්සෙ තිසුරි කොහෙද පදිංචියට යන්නේ?
ඔහු නාවික ක්ෂේත්‍රයේ රැකියාවක් කරන නිසා නිතර විදෙස්ගත වෙන්න වෙනවා. ඒ නිසා මම ඒ වෙලාවට අම්මලත් එක්ක ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post