News Line| Off Air| Games
Generic placeholder image

Jul
21

චිත්‍රපටිවල සුපිරි පොලිස් වීරයා, ලංකාවේ මීගහකිවුලට ඇවිත්…(PHOTOS)

903 Views


චිත්‍රපටිවල සුපිරි පොලිස් වීරයා, ලංකාවේ මීගහකිවුලට ඇවිත්…(PHOTOS)

ලංකාවේ පොලිසිය ගැන නම් පොදු ජනතාවට තියෙන්නේ හොඳ ආකල්පයක් නෙමෙයි. ඉතිං මේකට ලොකුවටම බලපාන්නේ සමහරක් නිලධාරීන් කරන සමහර දේවල් නිසා. එත් එහෙම අය අතරේ සාධාරණව, කාර්යක්ෂම සහ අකුරට වැඩ කරන නිලධාරීනුත් ඉන්නවා. මේ කියන්න යන්නෙත් ඒවගේ කෙනෙක් ගැන.

ඔහුගේ නම W.M.P.D. විජේසූරිය. ඔහු ගැන මේ දවස්වල Facebook එකේ ගොඩක් දෙනා කතා කරනවා. ඔහු තමයි මීගලෑවේ පොලීසියේ OIC මහතා. ඔහු මීගලෑව පොලීසියට ආපු දවසේ ඉඳන් ප්‍රදේශයේ අපරාධ සෑහෙන දුරට අවසන් වෙලා කියලයි ගමේ අය කියන්නේ. ඒ විතරක් නෙමෙයි දුප්පත් අසරණ අයට උදව් කරන මේ OIC මහත්තයා නිසා ගමේ බොහොමයක් අය දැන් පොලීසියත් එක්ක ගොඩක් සුහදශීලිව කටයුතු කරනවාලු.

ඔහු ඒ ගැන කියන්නේ මෙහෙම කතාවක්…

“මම හැමතිස්සෙම සමාජයේ මිනිස්සු එක්කමයි ඉන්නේ. මම එයාලා එක්ක හැමතිස්සෙම ඉන්නවා. මම නිතරම ඒ අය සමග ක්‍රීඩා කටයුතු කරනවා. අපි වොලිබෝල් තරඟ පවත්වනවා. මේවා කරන්නේ වැරදි මාර්ගයේ යන අයව හරි පැත්තට ගන්නයි. අපි මිනිස්සු ළඟින් ඉද්දි වැරදි කරන්නේ නැහැනේ. අපි හොඳින් මහජනයාට සේවය කරද්දී මහජනයා අපිට ආදරය කරනවා. අපි ඒ දේවල් කරන්නේ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි මහජනයා සතුටින් තියන්නයි. දඬුවම් දීලා ගහලා බැනලා ගන්නවාට වැඩිය මේක තමයි හොඳම ක්‍රමය. අපි එයාලාගේ දුක සැප හොයලා බලනාවනම්,එයාලා අතරට යනවා නම් එයාලා අපිට ළංවෙනවා. මම දැනට මීගලෑවට ඇවිත් අවුරුදු එකහමාරක් විතර වෙනවා. ඒ නිසා මේ ගමේ ජනතාවත් මාත් එකක් හරි හිතවත්ව කාලය ගත කරනවා.”

ඒ වගේම තමයි මේ OIC අපේ නළුවන්ට වඩා හැන්ඩියා කියලයි ගොඩක් අය කියන්නේ.ම තියෙන්නේ, මේ දවස්වල සමාජ මාධ්‍ය වල හුවමාරු වන ඔහුගේ ඡායාරූප

මේ තියෙන්නේ Facebook එකේ ඔහු ගැන තියපු සටහනක්…


News Articles
Latest Videos
Most Popular Post