News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
23

මහ රෑ Relax වෙන්න ගිය ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්.

3592 Views


මහ රෑ Relax වෙන්න ගිය ධනුෂ්ක ගුණතිලකට ක්‍රිකට් තහනමක්.

විනය කැඩීම කියන එක දැන් ක්‍රිකට් වල සාමාන්‍ය දෙයක් වෙලා. ලංකාවේ ක්‍රීඩකයිනුත් ඒ අතරට එකතු වීම නම් කණගාටුවට කරුණක්. පහුගිය කොදෙව් සංචාරයේදී මහ රෑ එළියේ හිටිය ජෙෆ්රි වැන්ඩර්සෙට දඬුවම් කරා.

දැන් තවත් ක්‍රීඩකයෙක්ට විනය කඩ කිරීමේ චෝදනා එල්ල වෙලා තියෙනවා. ඒ ධනුෂ්ක ගුණතිලකට. ඔහුට එල්ල වෙලා තියෙන චෝදනා නම් ගොඩක් බරපතලයි. නයිජීරියානු කාන්තාවක් තමන්ට සිද්ධ වුන ලිංගික අතවරයක් පිළිබඳව පොලීසියට පැමිණිලි කරලා තියෙනවා.

සියත 24 වෙත ආරංචි වුන විදියට පහුගිය සෙනසුරාදා ධනුෂ්ක සහ ඔහුගේ හොඳම යාලුවෙක් එක්ක කොල්ලුපිටියේ රාත්‍රී සමාජ ශාලාවකට ගිහින් තියෙනවා. ධනුෂ්කගේ මිත්‍රයා රාත්‍රී සමාජ ශාලාවට ඇවිත් හිටිය නයිජිරියානු කාන්තාවකට ලිංගික අතවර කරලා තියෙනවා. මේ අවස්ථාවේදී ධනුෂ්කත් ඒ අසලම හිටියා කියලයි වාර්තා වෙන්නේ.

නයිජිරියානු කාන්තාවන් පොලිසියට කල පැමිණිල්ලේ ධනුෂ්කගේ නමත් සඳහන් වෙලා තියෙනවා. මේ නිසා ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය පරික්ෂණයක් පවත්වන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා. ඒ පරීක්ෂණය අවසන් වෙනකන් ධනුෂ්කට ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පනවලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post