News Line| Off Air
Generic placeholder image

Jul
24

අද ලග්න දෙකකට ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

865 Views


අද ලග්න දෙකකට ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 ජුලි මස 24 වන අඟහරුවාදා 
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.24 සිට 04.57 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.10 සිට 04.36 දක්වා 
සුභ දිශාව: දකුණු දිශාව 

මේෂ ලග්නය

ජලය ආශ්‍රිතව ප්‍රවේසමෙන් කටයුතු කළයුතු දිනයකි. කලට වෙලාවට ආහාර ගතයුතු දිනයකි. එමෙන්ම ඔබට වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි. නමුත්  ඉවසීමෙන් කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි. ආගාමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 08

වෘෂභ ලග්නය

දුරදිග බලා කටයුතු කළහැකි දිනයකි. අයුක්තිය පිටුදකින දිනයකි. සමාජ සේවා කටයුතු යොමුවන දිනයකි. නව නිර්මාණ කටයුතු වලට මෙන්ම කලා කටයුතු වලට ඉතාම දස්කම් දක්වන දිනයකි. ඔබ මුදල් භාවිතයේදී කල්පනාකාරී වන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 07

මිථුන ලග්නය

පවුලේ ආදරය ඔබට වැඩියෙන් ලැබෙන දිනයකි. ඔබට අද සුභ මංගල යෝග උදාවෙයි. ලේඛනයට හා නව නිර්මාණ වලට  දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න. තම සෞඛ්‍ය වැඩියෙන් සැළකිලිමත් යුතු දිනයකි. ලෙඩ රෝග වලට නිසි ප්‍රතිකාර ලබාගත යුතු දිනයකි. සුපරික්ෂාකාරිව මෙන්ම හොඳ විමසිල්ලෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 06

කටක ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට සුභ දිනයකි. එමෙන්ම ගැඹුරු කල්පනාවෙන් යුතුව කටයුතු කරන දිනයකි. යම් දෙයක් අන් යට කියා දීමට ශක්තිය ලැබෙන දිනයකි. මනා කණ්ඩායම් හැගීමකින් යුතුව කටයුතු කරන දිනයකි. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව  කරගෙන යා හැකි දිනයකි. නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි.
ජය වර්ණය: මුතු පැහැය                                        ජය අංකය: 05

සිංහ ලග්නය

තරමක අහංකාර ගති ලක්ෂණ පෙන්නුම් කරන දිනයකි. ඒවා දුරු කරගන්න. ඔබට මනා පෞරුෂයකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. නිවසේ අලුත්වැඩියා කටයුතු වලට වෙහෙසෙන දිනයකි. මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි. කායික ශක්තියද නොමදව පවතින දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 04

කන්‍යා ලග්නය

කුඩා කල සිට ඔබ ප්‍රගුණ කල වෘත්තීය දක්ෂතා ඉස්මතු වන දිනයකි. නිර්මාණකරණයට දක්ෂ වන දිනයකි. වාණිජ කටයුතු වලට දස්කම් පෙන්වන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට මෙන්ම වෙළදාම් කටයුතු වලට යෝග්‍ය දිනයකි. අය අතරද වෙනදට වඩා ඔබ කැපී පෙනෙන දිනයකි. ඔබේ ධාරණ ශක්තිය දිනයකි. පොත පත කියවන්නට පුරුදු වන්න. ඔබේ උත්සාහය ඔබට සුභ ඵල ගෙනදේවි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                         ජය අංකය: 03

තුලා ලග්නය

කතාවෙන් අන් අයව දිනාගත හැකි දිනයකි. බොහෝ සංකීර්ණ දේවල් සරලව අන් යට පහදා දිනයකි. ඔබට වැඩි ගෞරවයක් සමාජයෙන් ලැබෙන දිනයකි. ව්‍යාපාර කටයුතු වලට ඉතාම සුභ දිනයකි. නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. ඔබ කරන ඕනෑම කටයුත්තකින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: දම් පැහැය                                                          ජය අංකය: 02

වෘශ්චික ලග්නය

 

මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. ඔබේ වචනය බලවත් වන දිනයකි. නමුත් කලබල නොවන්න. සතුරන් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. ඔබට අද මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. අවංකව කටයුතු කරන දිනයකි. තියුණු නුවනින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන්, තර්කයෙන් සියල්ල ජය ගත හැකි දිනයකි. නිරවුල්ව තම අදහස් ප්‍රකාශ කළහැකි දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. කල්පනාවෙන් වැඩ කරන්න. ව්‍යාපාර කටයුතු වලට සුභ දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                         ජය අංකය: 01

ධනු ලග්නය

ඉක්මන් වීම ඔබට අවාසි ගෙනදෙන දිනයකි. කල්පනාවෙන් වැඩ සිතට ගන්න. ඔබේ නායකත්ව ගුණාංග වඩාත් තීව්‍ර වන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව, ආගමානුකුලව කටයුතු කරන්න. නමුත් නිහතමානිව කටයුතු කරන්න. ඔබට අතපසුව තිබු වැඩ නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි. අන් අය කෙරෙහි ගෞරවයෙන් යුතුව කටයුතු කරන්න. ඉවසීමෙන් යුතුව වැඩ කරන්න. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න.
ජය වර්ණය: තද කහ  මිපැහැය                                 ජය අංකය: 03

මකර ලග්නය

සිත පාලනය කරගත යුතු දිනයකි. නව රැකියා හා ව්‍යාපාර මාර්ග ඇතිවන දිනයකි. අලුතින් යමක් ඉගෙනගැනීමට යොමුවන දිනයකි. සුක්ෂම සැලසුම් සකස් කරන දිනයක් වන අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. කායික ශක්තිය ඉහල දිනයකි. කෞතුක භාණ්ඩ වලට ප්‍රිය කරන දිනයකි. වඩාත් කල්පනාකාරීව කටයුතු කළයුතු දිනයකි. අනවශ්‍ය වියදම් ඉවතලා කටයුතු කිරීමට සිතට ගතයුතු දිනයකි. එමෙන්ම ඔබට තනතුරු ලාභ ලැබෙන දිනයකි.  වැඩ කටයුතු කල්පනාවෙන් යුතුව සම්පාදනය කරගත යුතු දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                       ජය අංකය: 02

කුම්භ ලග්නය

සුක්ෂම වැඩ වලට දස්කම් දක්වන  කණ්ඩායම් වැඩ වලටද සුභ දිනයකි. ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයක් වන අතර රෝග වලට නිසි ප්‍රර්තිකාරද ගතයුතු දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. රෝග පීඩා දුරු කරගතහැකි දිනයකි. සතුරන් මර්දනය කරගත හැකි දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා හා ව්‍යාපාර සාර්ථක වන දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                        ජය අංකය: 01

මීන ලග්නය

සාර්ථක දිනයකි. විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට සුභ දිනයකි. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සම්පාදනය කරගැනීමට සුභ දිනයකි. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න. සමාජයේ වැඩි ගෞරවය ලබාගත හැකි දිනයකි. අන් අය අතර වැඩි ජනප්‍රියත්වයද නොමදව ලැබෙන දිනයකි. එමෙන්ම තමන්ට ලැබෙන වගකීම් මනා ලෙස ඉටු කරන දිනයකි.  සුභ මංගල යෝග පවතින දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                             ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829
 


News Articles
Latest Videos
Most Popular Post