News Line| Off Air| Games
Generic placeholder image

Jul
24

ලබන පෙබරවාරි සංචාරයේදී ශ්‍රී ලංකාවට අමුතු තණතිල්ලක්. අමිහිරි පරාජයේ වාඩුව ගන්න දකුණු අප්‍රිකානුවන් හදපු සැලසුම මෙන්න. – Exclusive

2305 Views


ලබන පෙබරවාරි සංචාරයේදී ශ්‍රී ලංකාවට අමුතු තණතිල්ලක්. අමිහිරි පරාජයේ වාඩුව ගන්න දකුණු අප්‍රිකානුවන් හදපු සැලසුම මෙන්න. – Exclusive

ලංකාව එක්ක සෙල්ලම් කරද්දී Off Season වගේ කියපු ඩිවිලියස්ගේ කණ්ඩායමට ලංකාවටම ගෙන්නලා මදි නොකියන්න දුන්නා. අවුරුදු 12 කට පස්සේ තමයි දකුණු අප්‍රිකාවට එරෙහිව ටෙස්ට් තරඟාවලි ජයක් ලබා ගත්තේ.

ලංකාවේදී තමන්ට වුන අවමානයේ පළිය ගන්න දකුණු අප්‍රිකානුවන් සූදානමින් ඉන්නවා. ඒ 2019 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ කරන සංචාරයේදී. ඒ සංචාරයේදී ටෙස්ට් තරඟ 2 කට ලංකාව සහභාගී වෙන්න නියමිතයි.

අවසන් වුන ටෙස්ට් තරඟාවලියේදී තරඟයේ වැඩි වාසි ලබා ගත්තේ දඟ පන්දු යවන්නට. ඒ ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන්ට වාසි දායක තණතිලි සකස් කරපු නිසා. ඒ නිසා ලංකාවට ක්‍රිකට් විචාරකයින් දෝෂාරෝපණ එල්ල වෙලා තිබ්බා. තරඟාවලියේ බිඳ වැටුණු දකුණු අප්‍රිකානු කඩුලු 40න් 37 ක්ම දවා ගෙන තිබ්බේ ලංකාවේ දඟ පන්දු බලඇණිය. අවසන් ටෙස්ට් තරඟයේ දකුණු අප්‍රිකාවේ කඩුලු 20 ම දවා ගත්තෙත් ලංකාවේ දඟයන් ටික.

හැබැයි ලංකාව දකුණු අප්‍රිකාවේ සංචාර වල නිරත වෙද්දී ලැබුණේ වේග පන්දු යවන්නන්ට වාසි දායක තණතිලි . ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන සෑම රටක්ම තමන්ගේ කණ්ඩායමට වාසි දායක තණතිලි සකස් කරන එක සාමාන්‍ය දෙයක්.

ක්‍රිකට් විචාරකයින් කියන විදියට නම් එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේදී ඉතාම වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයන්ට වාසි විදියට තණතිලි සකස් කරන්න ඉඩ තියෙනවා. මොකද ලංකාවේ ඉන්නේ මද වේග පන්දු යවන්නන් විතරක් නිසා. එහෙම වුනොත් ඩේල් ස්ටේන්ට සහ රාබඩාට පහසුවෙන්ම ලංකාවේ කඩුලු දඩයම් කරන්න පුළුවන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post