News Line| Off Air
Generic placeholder image

Jul
26

අඟහරු, බ්‍රහස්පති ඇහැට පේන, සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන අමුතු රාත්‍රිය හෙට. – Exclusive

4982 Views


අඟහරු, බ්‍රහස්පති ඇහැට පේන, සියවසේ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය සිද්ධ වෙන අමුතු රාත්‍රිය හෙට. – Exclusive

චන්ද්‍රග්‍රහණයක් කියන්නේ විශ්වයේ අපූරු සංසිද්ධියක්. චන්ද්‍රග්‍රහණයක් වෙන්න නම් සූර්යා, පෘථිවිය සහ හඳ හරි කෙලින් එක පෙළට එන්න ඕන. ඒ වගේම තමයි සමහර චන්ද්‍රග්‍රහණ තියෙනවා හරිම විශේෂයි.

ඇසළ පෝයට, ඒ කියන්නේ හෙටත් ඒ වගේ විශේෂ චන්ද්‍රහරහණයක් වෙනවා. හෙට පායන හඳේ සහ චන්ද්‍රග්‍රහණයේ විශේෂතා කිහිපයක්ම තියෙනවා. එකක් තමයි හෙට පායන්නේ පූර්ණ රක්ත සඳක්.

අනිත් එක තමයි හෙට සිදුවෙන චන්ද්‍රග්‍රහණය මේ සියවසේ දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය වෙනවා. මේ චන්ද්‍රග්‍රහණය පැය 1 යි විනාඩි 43 ක් පුරාවට සිද්ධ වෙනවා. ලංකාවේ වෙලාවෙන් අළුයම 1 ට චන්ද්‍රග්‍රහණය ආරම්භ වෙනවා. අළුයම 2.43 වෙද්දී මේ දීර්ඝ චන්ද්‍රග්‍රහණය අවසන් වෙනවා.

මේ චන්ද්‍රග්‍රහණය හොඳින් බලන්න නම් කෘතීම ආලෝකය නැති තැනකට යන්න ඕන. ඒ වගේම ගස්, ගොඩනැගිලි අඩු පිට්ටනියක් වගේ තැනක් තමයි ගොඩක්ම හොඳ.

ඒ වගේම හෙට දවසේ තවත් විශේෂත්වයක් තියෙනවා. අඟහරු ග්‍රහයාත් වෙනදාට වඩා දීප්තිමත්ව අහසේ බලා ගන්න පුළුවන්. තාරකා විද්‍යාඥයින් කියන විදියට පහුගිය අවුරුදු 15 ට වඩා වැඩි දීප්තියක් එදාට අඟහරු ග්‍රහයාගෙන් බලා ගන්න පුළුවන්. හෙට බ්‍රහස්පති ග්‍රහයාත් පියවි ඇසෙන් බලා ගන්න පුළුවන්කම පෘථිවියේ ඉන්න අයට ලැබෙනවා.

මේ link එකෙන් ඔබ ඉන්න තැනට හරියටම කීයටද මේ චන්ද්‍රග්‍රහණය පේන්නේ කියලා බලා ගන්න පුළුවන්.

https://www.timeanddate.com/eclipse/globe/2018-july-27#@7.499999999999999,80.5,5&pin=@1227604


News Articles
Latest Videos
Most Popular Post