News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

සංගක්කාරගේ දේශපාලන ආගමනය ගැන දන්නා දේවල් ඇමති රාජිත හෙළි කරයි.

1104 Views


සංගක්කාරගේ දේශපාලන ආගමනය ගැන දන්නා දේවල් ඇමති රාජිත හෙළි කරයි.

කණ්ඩායමකට වගේම රටකටත් දක්ෂ නායකත්වයක් ඕන. කුමාර සංගක්කාර කියන්නේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුන විශිෂ්ඨම ක්‍රීඩකයෙක්. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවපු සුපිරි නායකයෙක්.

ක්‍රිකට් වලින් සමුගත්ත සංගා දැන් ක්‍රිකට් විස්තර විචාරක කටයුතු වලට එකතු වෙලා ඉන්නවා. හැබැයි ලංකාවෙන් නම් සංගා ගැන වෙන කසු කුසුවක් ඇහෙනවා. ඒ ළඟදීම සංගා දේශපාලනයට එයි කියලා.

මේ ගැන ඊයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇහුවා. අමාත්‍ය රාජිත සේනාරත්න කිව්වේ එක්සත් ජාතික පෙරමුණ එක්ක නම් ඒ වගේ කතා බහක් ඇති වෙලා නෑ කියලා. හැබැයි එක්සත් ජාතික පක්ෂය එක්ක සාකච්ඡා කරාද කියලා දන්නේ නෑ කියලා.

කොහොම වුනත් කුමාර සංගක්කාර දේශපාලනයට එනවා නම් හැකි සියලුම සහය දෙනවා කියලා රාජිත ඇමතිතුමා කිව්වා.


News Articles
Latest Videos
Most Popular Post