News Line| Off Air| Games
Generic placeholder image

Jul
27

දකුණු අප්‍රිකානුවන්ට තරු පෙන්නපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ICC යෙන් තෑගී. – Photo

2124 Views


දකුණු අප්‍රිකානුවන්ට තරු පෙන්නපු ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ICC යෙන් තෑගී. – Photo

අවසන් වුන දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියෙන් පස්සේ ICC ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් නිකුත් කරලා තියෙනවා. ටෙස්ත් තරඟාවලියේ ඉහල දස්කම් පෙන්නපු ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ටම ඉහළට එන්න පුළුවන් වෙලා තියෙනවා.

තාමත් ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල ශ්‍රී ලංකාව ඉන්නේ 6 වන ස්ථානයේ. හැබැයි ලංකාවේ ප්‍රසාද ලකුණු ගණන 97 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඒ වගේම ලංකාව උඩින් 5 වෙනි තැන ඉන්න එංගලන්තයත් ප්‍රසාද ලකුණු 97 ක් ලබාගෙන ඉන්නවා. එළඹෙන එංගලන්ත සංචාරයේදී ලංකාවට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල ඉහළට යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.

 

අලුත්ම ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම් වල 7 වෙනි ස්ථානය දක්වා ඉහළට එන්න දිමුත් කරුණාරත්න සමත් වෙලා තියෙනවා. දිනේෂ් චන්දිමාල් 8 වෙනි ස්ථානයේ රැඳී ඉන්නවා. කුසල් මෙන්ඩිස් 20 වන ස්ථනය දක්වා පහත බැහැලා තියෙනවා. ඇන්ජලෝ මැතිව්ස් 25 වන ස්ථානයේ රැඳී ඉන්නවා.

නිරෝෂන් දික්වැල්ල 41 දක්වා ස්ථාන කිහිපයක් ඉහළට ඇවිත් තියෙනවා. ඒ වගේම දනුෂ්ක ගුණතිලකත් 73 දක්වා ඉහළට ඇවිත් තියෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් වල රංගන හේරත් 8 වෙනි ස්ථානය දක්වා ඉහළට ඇවිත් තියෙනවා. දිල්රුවන් පෙරේරා 23 වන ස්ථනයේ රැඳී ඉන්නවා. සුරංග ලක්මාල් 27 වන ස්ථානය හිමිකර ගෙන තියෙනවා. අකිල ධනංජය 39 වෙනි ස්ථානය දක්වා පියවර කිහිපයක් ඉහළට ඇවිත් තියෙනවා.

ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලයිස්තුවේ 10 වන ස්ථානය තව දුරටත් රැක ගන්න ඩිල්රුවන් පෙරේරා සමත් වෙලා තියෙනවා. රංගන හේරත් 15 වෙනි ස්ථානය දක්වා ඉහළට ඇවිත් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post