News Line| Off Air
Generic placeholder image

Jul
28

එක්දින තරඟාවලිය ලංකාවට Off Season වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

4328 Views


එක්දින තරඟාවලිය ලංකාවට Off Season වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි එක්දින තරඟය හෙට ආරම්භ වෙනවා. ඒ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. ලංකාවේ වේලාවෙන් උදේ 9.45 ට තරඟය ආරම්භ කරන්න නියමිතයි. තරඟයට කලින් අපි හොයලා බැලුවා මේ තරඟයේ වැඩි වාසි කාටද කියලා.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙය වීමේ වගකීම බාර වෙලා තියෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ට. ප්ලේසී දකුණු අප්‍රිකාවට නායකත්වය දෙනවා. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුන අවසන් එක්දින තරඟ 5 ම දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරලා තියෙනවා.

මීට කලින් දඹුල්ල පිටියේ ලංකාව සහ දකුණු අප්‍රිකාව දෙවරක් සටන් වැදිලා තියෙනවා. ඒ අවස්ථා දෙකේදීම ජයග්‍රහණය හිමිවෙලා තියෙන්නේ ලංකාවට. දඹුලු පිටිය දිහා බලද්දී මුලින්ම පන්දුවට පහරදෙන කණ්ඩායමට වැඩි වාසියක් තියෙන බව පේනවා.

ලංකාවේ ප්‍රභලම පිතිකරුවන් විදියට තරංග සහ මැතිව්ස් මේ තරඟයට එකතු වෙනවා. ඒ වගේම දකුණු අප්‍රිකාවේ පිතිකරණය පැත්තෙන් අම්ලා සහ ඩි කොක් ලංකාවට අභියෝගයක් එල්ල කරන්න පුළුවන්. ඒ වගේම පන්දු යවන්නන්ගේ බලඇණියෙන් තිසර සහ ලක්මාල් ලංකාවට ඉන්නවා. රාබඩා සහ ඇන්ඩිලේ ලංකාවට පන්දුවෙන් ලොකු පීඩනයක් එල්ල කරන්න පුළුවන්.

කොහොම වුනත් ටෙස්ට් තරඟාවලියේ ජයග්‍රාහී මානසිකත්වය ලංකාවට ලොකු සහනයක් වේවි.


News Articles
Latest Videos
Most Popular Post