News Line| Off Air
Generic placeholder image

Jul
30

“කලන්” ට දැන් සුවයි…

824 Views


“කලන්” ට දැන් සුවයි…

අමරසිරි කලන්සුරිය රංගනවේදියා ගැන පහුගිය දවස්වල පැතිරුණු ආරංචිය වුණේ ඔහු මියගියා කියන පුවත. විශේෂයෙන්ම සමාජ ජාල අතර මේ තොරතුර වැඩි වශයෙන්ම ප්‍රචාරය වෙන්න බලපෑවේ කිර්ති පැස්කුවෙල් මහතා තියපු Facebook සටහන නිසා. කොහොම වුනත් තමන්ගේ අතින් වුණ අත් වැරදීමට කිර්ති පැස්කුවෙල් මහතා Facebook එක හරහාම සමාව ගත්තා.

මේ වෙද්දී අමරසිරි කලන්සුරිය මහතාගේ රෝගී තත්වය සුව අතට හැරෙමින් තියෙනවා. ඒ වගේම ඔහු රෝහලෙන් නිවසට ඇවිත් තියෙනවා. මෙහෙම කිව්වේ ඔහුගේ පුතා වන දුමින්ද කලන්සුරිය. කලන්සුරිය මහතා රෝගී තත්වයෙන් ඉන්න දවස්වලදී ඔහු ගැන හොයල බලපු හැමෝටමත්, ඔහුට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරපු හැමෝටමත් ඔහුගේ පුතා Facebook හරහා ස්තුති කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post