මුළු ජීවිතේම විභාගයක් වගේ. හැබැයි ඉතිං අපේ ජීවිත කාලේදී විභාග කීයක් කියලා නම් ලියනවද. සමහරු මහන්සි වෙලා පාඩම් කරලා විභාගෙට ලියනවා. හැබැයි සමහරු නම් කොපිකරලා තමයි විභාග ගොඩ දාන්න යන්නේ.
එළඹෙන උසස් පෙළ විභාගයේදී කොපි කරන්න බලාගෙන හිටිය අයට නම් වැඩ වරදින්නයි යන්නෙ. උසස් පෙළ විභාගයේදී ජංගම දුරකථන හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග භාවිතයෙන් වංචා සිදු වීම වළක්වන්න හමුදාවේ සහය ලබා ගන්න තීරණය කරලා.
ජංගම දුරකථන හෝ අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග වල සංඥාවලට බාධා කරන්න තමයි විභාග දෙපාර්තුමේන්තුව හමුදාවේ උදව් ඉල්ලලා තියෙන්නේ. ඉලෙක්ට්‍රොනික උපාංග සංඥාවලට බාධා කිරීමේ තාක්ෂණය යුද හමුදාව සතුව තියෙනවා. ඒ නිසා තෝරා ගත්ත විභාග මධ්‍යස්ථානවලදී අදාළ පියවර ගන්නවා කියලා විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කරා.
ඒ වගේම ජංගම දුරකථන සේවා සපයන්නන් හා විදුලි සංදේශ නියාමන කොමිසමේ ද මේ වැඩේට ලබා ගන්න නියමිතයි.