ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ දවස්වල තියෙන්නේ නූල කැඩුන සරුංගලයක් වගේ. මොකද තාමත් ක්‍රිකට් නිලධාරී මණ්ඩලයක් පත් කරලා නෑ. මේ නිසා ක්‍රිකට් නිලවරණය ගැන සාකච්ඡා කරන්න විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන්න තීරණය කරලා තියෙනවා.
ක්‍රිකට් නිසි බලධාරියා ලෙස කටයුතු කරන කී‍්‍රඩා අමාත්‍යංශ ලේකම් කමල් පද්මසිරි මහතා කිව්වේ මේ සතියේ දිස්ති‍්‍රක් කී‍්‍රඩා සංගම් වෙත ලිපි යොමු කරනවා කියලා. මහා සභා රැස්වීමේදී කි‍්‍රකට් නිලවරණ කටයුතු සිදු කරන්න නව කමිටුවක් පත් කරන්නත් නියමිතයි.
පහුගිය දා ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේ මාස හයක් ඇතුළත නිලවරණය පවත්වන්න කියලා. එහෙම නැති වුනොත් ශී‍්‍ර ලංකාවේ ICC සාමාජිකත්වය ගැන නැවත සලකා බලන්න සිදුවෙනවා කියලත් දැනුම් දුන්නා.