News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
31

ලංකාවට එන්න හිටිය Volkswagen නීති තද නැති රුවන්ඩාවට යයි.

809 Views


ලංකාවට එන්න හිටිය Volkswagen නීති තද නැති රුවන්ඩාවට යයි.

Volkswagen කියන්නේ ලංකාවේ අයට හුරුපුරුදු නමක්. ඒ Volkswagen වාහන ලංකවේ අතලොස්සක් විතරක් තියෙන නිසා නෙවෙයි. තාමත් දේශපාලන වේදිකාවේ නිතර ඇහෙන නමක් නිසා.

Volkswagen මෝටර් රථ කර්මාන්ත ශාලාවක් ලංකාවේ හදනවා කියලා කාලයක් අහන්න ලැබුණා. හැබැයි ලංකාවට එන්න තිබ්බ Volkswagen කර්මාන්ත ශාලාව රුවන්ඩාවට ගෙනිහින් තියෙනවා.

පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර තමයි Volkswagen සමාගම මේ අලුත් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කරලා තියෙන්නේ. මෙමගින් නව රැකියා 1,000 ක් බිහි වන බව සඳහන් වෙනවා.

මුලින්ම Volkswagen Polo මෝටර් රථ 5,000 ක් වාර්ෂිකව එකලස් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඊට පස්සේ Passat, Tiguan, Amarok සහTeramont මෝටර් රථත් නිපදවන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post